December 6, 2016

Posted by Administrator on 11:56 PM




අවශ්‍ය ද්‍රව්‍ය :                                         

  • පාන් පිටි කප් 3                                                     
  • සුදු සීනි කප් 1                                                     
  • දුඹුරු  සීනි කප් 1                                                
  • බටර්  කප් 3/4                                                          
  • බිත්තර  1                                                           
  • බේකින්  පවුඩර්  තේහැදි  1                                    
  • වැනිලා  තේහැදි  1                                                
  • ලුනු තේහැදි  1/2


ක්‍රමය :
මුලින්ම පිටි හා  බේකින්  පවුඩර්  මික්ස්  කරන්න .එයටම  ලුනු  එකතු  කර තබන්න .සීනි  ග්‍රයින්ඩර්  කරගන්න .සීනි බටර් හා බිත්තර  බීට්  කරන්න .දැන්  පිටි  ටික ටික  දමා  හැන්දකින්  කලවම්  කරන්න .මෙවිට යාන්තමට  අතේ ඇලෙන මිශ්‍රණයක් ලැබේ.දැන්  අතින්  හොදට  අනා ගන්න .  එක ලොකු  බෝලයක්  සාදා  ගන්න .  
මීලගට,මෙයින්  කොටසකට මම  චොක්ලට්  චිප්ස්  එකතු  කරා.ඉතිරි  කොටස පේස්ට්‍ර්  ලෑල්ලක හොදට  පිටි  ඉසගෙන කටර් වලින්  බිස්කට්  කපා ගෙන  ඔයිල්  පේපර්  එකකට දමා  ගත්තා .ඊට  පස්සෙ  චොක්ලට්  චිප්ස්  දාපු කොටසත් ඒවගේම  කපා  ගත්තා  විවිධ  හැඩයෙන් .දැන් අවන් එක 170c' උෂ්ණත්වයට ෆ්‍රි හීට්  කරගෙන විනාඩි  20 (වෙලාව වෙනස්  විය හැක.) බේක්  කර ගන්න . 

අන්තර්ජාල  රෙසිපිය  විදියට  හදද්දී  බටර්  වැඩි උනා.මට අයෙ  පිටි  එකතු කරන්න  උනා.වෙලාවට  බිස්කට්  කර වුනේ නෑ .පිටි  මෝලිය  තෙත  වැඩි  නිසා  බිස්කට්  කපාගෙන  ඉවත්  කරන්න  බැරි  වුනා .පස්සෙ  මම  මට  හිතුන විදියට  වෙනස්  කරගෙන  මේවා හැදුවා .ගොඩාක්  රසයි  . හදලා  බලන්න .    
Categories: