Showing posts with label Burger Buns. Show all posts

December 22, 2016

  • පිටි    3  1/3 cup
  • සීනි   3 tbsp
  • ලුනු   1 tbsp
  • යීස්ට්  2 tbsp
  • බටර්  3 tbsp
  • බිත්තර 1
  • ෆ්‍රෙශ් මිල්ක්  3 tbsp
  • මද උණුසුම් වතුර 1 cup

පළමුවෙන්ම පිටි තුන් වරක් හලාගෙන එයට යීස්ට් ,සීනි ,ලුනු දමා හොදින් මිශ්‍ර කරගන්න.එයට බටර් ටිකද එකතු කරගෙන පිටි සමග හොදින් මිශ්‍ර කරගන්න.ඉන්පසු කිරි ,බිත්තර ,මද උණුසුම් ජලය එකතු කරගෙන සිනිදු ඉලස්ටික් එකක් වගේ ඇදෙන තුරු විනාඩි 20ක් පමණ හොදින් අනාගන්න.
වෙනත් භාජනයක ඔලිව් ඔයිල් තවරාගෙන පිටි මෝලිය ඩබල් සයිස් වන තුරු තබන්න.විනාඩි 45ක් පමණ.
ඩබල් සයිස් ඩෝ එක පිටි ඉස ගත් ලෑල්ලක් මත් දමා කොටස් 8කට වෙන් කරගන්න.
බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දමා පිටි කොටස් වලින් කුඩා බෝල සාදා තරමක් ඈතින් පිටි බෝල ටික තබා ගන්න.බෝල සෑදීමේදී මතු පිට සිනිදුව ඉරි තැලිම් නැතිව හදාගන්නා තරමට ලස්සන බනිස් ටිකක් හදාගන්න පුලුවන්.

දැන් ඒ හදාගත් පිටි බෝල තවත් පැය බාගයක් පමණ තබන්න.
ඒ මතුපිට බිත්තර සාරු ආලේප කර ඊට උඩින් තල ඇට ටිකක් ඉහගන්න.ඉන්පසුව 200 c,විනාඩි 10ක් රත් කරගත් අවන් එකේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.(රන්වන් පාට වනතුරු)
දැන් ඉතින් හොදට නිමෙන්න තියලා ඔයාලා කැමති විදියට කැමති දේවල් එකතු කරගෙන කන්නයි තියෙන්නෙ.
12:04 PM Administrator