December 17, 2016

Posted by Administrator on 6:40 PM



ඩාක් චොක්ලට්  කේක්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පාන් පිටි  කප්   2/3
  • කොකෝවා පවුඩර්   1/3
  • සීනි  2/3
  • බේකින්  සෝඩා  තේහැදි   3/4
  • බේකින්  පවුඩර්  ඉතේහැදි   3/4
  • ලුණු  චුට්ටක්
  • බිත්තර  1
  • කිරි කප්  1/4
  • තෙල්  මේස හැදි 3 (මම  දැම්මේ  පොල්  තෙල් )
  • වැනිලා  තේහැදි  1/2
  • (මම  ගත්තෙ  පොඩි  කේක්  එකක ප්‍රමානයන්. ඔයාලට  පුලුවන්  වැඩි කර ගන්න)

සාදන  ක්‍රමය :

සීනි  වලට බිත්තරය දමා හොදින්  මිශ්‍ර  කරන්න.මේකට බීටර්  එකක්  අවශ්‍ය  නෑ.විස්ක් අතින් මිශ්‍ර කරන්න. තෙල්  දමා ගන්න.කිරි ,වැනිලා,ලුණු දමා හොදට මිශ්‍ර කරන්න. පිටි වලට කොකෝවා පවුඩර්, බේකින්  සෝඩා, බේකින් පවුඩර් දමා හලාගෙන එය මිශ්‍රණයට ටික ටික එකතු කරන්න. ට්‍රේ එකක් ගෙන බටර් තවරා ගන්න. දැන් අවන් එක 180 c ප්‍රි හීට් කර ගන්න. විනාඩි 30, 35 බේක් කර නිවා ගන්න. දැන්  තමන්  කැමති  හැඩ කපා කේක් එක මත තබන්න. ඉන් පසු ඊට උඩින් අයිසින්  ශුගර් හලා ගන්න. දැන්  පරිස්සමින් අර හැඩ ටික  ඉවත්  කරන්න. ඔන්න ඉතින්  "ස්නෝවයිට් ඩාක් චොක්ලට් " එක සූදානම්  නත්තල සමරන්නට.