January 9, 2017

Posted by Administrator on 11:05 PM



කංකුං  ඩෙවල්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • සෝදා තෙත  වියලා තරමක් ලොකුවට  කපා ගත් කංකුං 
  • පෙති  කපා ගත් ලොකු ලූනු ගෙඩි  1
  • සුදු  ලූනු ගෙඩි  4
  • අමු මිරිස්  කරල් 3
  • රම්පේ .කරපිංචා
  • කෑලි මිරිස් අවශ්‍ය  පමණ
  • ලුණු  අවශ්‍ය  පමණ
  • කහ  ස්වල්පයක්
  • තක්කාලි  සෝස් තේහැදි  2
  • තක්කාලි  ගෙඩි  1 පෙති  කපා ගන්න .
  • තෙල් මේසහැදි  2
  • අබ තේහැදි  1

සාදන  ක්‍රමය :

තෙල්  ලිප  තබා රත් වෙද්දී  අබ ටික  දමා  පුපුරද්දී ,එයට  සුදු  ලූනු, ලොකු  ලූනු දමා  බැදෙන්නට  දෙන්න .ඉන් පසු එයට රම්පෙ ,කරපිංචා, තක්කාලි ටික දමා  ගන්න .තක්කාලි  සෝස්  ටික  දමා  හොදට  කලවම් කරන්න .කංකුං  ටික  දමා ලුණු  හා කහ එකතු  කරන්න . යාන්තම් මැලවෙද්දී  ලුනු බලා ලිපෙන්  බාගන්න .ගොඩාක්  වෙලා මැලවෙන්නට හරින්න  එපා.කොල  පාට  ගතියට  ලිපෙන්  බාන්න .