December 8, 2016

Posted by Administrator on 10:25 PM

අවශ්‍ය දෙවල්:
  • පාන් පිටි  450g
  • යිස්ට් තේහැදි  3 ( 15g )
  • මද රස්නේ වතුර  මේසහැදි 10 පමණ
  • මෙල්ටඩ් බටර්  / මාජරින්  25 g
  • ලොකු බිත්තර  1
  • මද රස්නේ කිරි  180 ml
  • ( කිරි දානකොට ටික ටික දමා මිශ්‍ර කර ගන්න )
  • සිනි  50 g  ( රස අනුව දමා ගන්න )
  • ලුණු ටිකක්

මුලින් කප් එකක් අරගෙන එයට යිස්ට් හා පාන් පිටි වලින් මේසහැදි 3 දමා හොදින් කලවම් කර ගන්න .
පසු එයට මද රස්නේ වතුර මේසහැදි 10 ටික ටික දමා හොදට උකුවට මිශ්‍රණයක් හදා ගන්න .( මම එය පික්චර් එකේ දමා තියෙනවා )

පසු මෙසේ හදා ගත් යිස්ට් මිශ්‍රණය විනාඩි 15 පමණ පිපෙන්න තියන්න වසා .
දැන් ඉතිරි පිටි ටික ලොකු බදුනකට දමා එයට සිනි / ලුණු / බිත්තරය / මෙල්ටඩ් බටර් හෝ මාජරින් දමා එයටම හොදින්එර්ඩ් පිපිණු යිස්ට් මිශ්‍රණය දමා කලවම් කර ගන්න .
පසු මද රස්නේ කිරි ටික ටික දමා අතේ ඇලෙන පදමට මිශ්‍රණයක් හදා ගන්න .
දැන් හදා ගත් ඩෝන්ට් මිශ්‍රණය පැයක් තෙත රෙද්දකින් වසා තියා ගන්න .
පැයකට පසු පෙනෙවි ඩෝනට් පිටි මිශ්‍රණය හොදින් පිපිලා තියෙනවා .
පසු ලැල්ලක් මත හොදට පිටි ඉස මේ පිටි මිශ්‍රණය පිටි මතට දමා හොදින් සාමාන්‍ය සයිස් එකට , පිටි ඉස ඉස තුනි කර ගන්න .
පසු ඩෝනට් සයිස් රවුමක් තියා , අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා , එ කපා ගත් රවුම මැදට නැවත පොඩි බෝතලයක මුඩියක් තියා පොඩි රවුමක් කපා ගන්න .
දැන් මෙලෙස හදා ගත් ඩෝනට් නැවත විනාඩි 15 - 20 පිපෙන්න තියා ගන්න .
තාච්චියකට තෙල් දමා රත් වු පසු අඩු ගින්දරේ තෙල් රත් වෙන්න තියා , හදා ගත් ඩෝනට් දමා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න .
පසු බැද ගත් ඩෝනට් වලට ඔයාලාට කැමති විදියට චොකලට් සෝස් හෝ සිනි දමා සරසා ගන්න ...
( මේ පිටි ප්‍රමාණයෙන් ඩොනට්  15 - 20 හදා ගැනිමට පුලුවනි )