December 16, 2016

Posted by Administrator on 11:36 AM








පාන්,පේස්ට්‍ර්

අවශ්‍ය  වෙන්නේ:                                   
  • පාන්  පිටි 500 g                                           
  • බටර්  30 g                                                      
  • බිත්තර  1                                                      
  • ලුනු චුට්ටක්                                                       
  • සීනි  50 g                                                         
  • කිරි  පිටි තේහැදි  2                                     
  • යීස්ට් තේහැදි  1                                                
  • මද උනුසුම්  වතුර  ටී කප්  ,3/4 ,1 (එකයි  තුන් කාලක්) 


 සාදන  ක්‍රමය:

මුලින්ම මද උනුසුම් වතුර  කප් 3/4  ගෙන එයට  ඊස්ට්  හා සීනි  දමා  හොඳින්  දිය  කර පිපෙන්නට තබන්න .  පාන් පිටි  ටික හොදට  අනා ගන්න ඉඩ තියන ලෑල්ලක් හෝ බාජනයක්  ගන්න .පිටි  ටිකට ලුනු හා කිරි  පිටි  දමා  හොදින්  මිශ්‍ර  කරන්න .එය මැද වලක් සාදන්න. ඉන් පසු එයට  දිය  කර  ගත්  යීස්ට්   ටික දමා  හොදින්  අනන්න .බටර්  ටිකද එකතු  කරන්න . ඉතිරි  වතුර  ද  ටික  ටික දමා විනාඩි  15 හොඳින්  අනන්න .දැන්  මෙය තෙත  රෙදි කඩකින්  වසා පැයක්  පිපෙන්නට  තබන්න . 

ඉන් පසු  පිටි  මෝලිය දෙගුණයක්  විශාල වී තිබෙනු පෙනේ.නැවත   හොඳින්  අනා ගන්න .අවශ්‍ය  ප්‍රමාණයට බෝල  සාදා  (බෝල  10, 12 ක් සෑදිය  හැක.) මෙයද විනාඩි  10 වසා තබා ඔයිල්  පේපර්  එකක් දමා  ගත් ට්‍රේ  එකකට පිටි  ටිකක් ඉස ඒමතට සාදා  ගත් මාලු  පාන්, පේස්ට්‍ර් ,කිබුල  බනිස් ,බර්ගර්  බන් ආදී කෑම  වර්ග  උඩින් , බිත්තර කහ මදය බ්‍රශ් එකකින් ආලේප  කරන්න .උඩින් සීනි  හෝ,තල ඇට ඉස ගත හැක.  උශ්නත්වය  190c'  ප්‍රි හීට්  කරගත් අවන්  එකක විනාඩි  15 ,20 බේක්"  කරන්න .උශ්නත්වය  සැරෙන් සැරේ බලන්න .අවන්  වර්ග  එකිනෙකට  වෙනස් වන නිසා.  

පාන් සාදන්නේත් මේ  රෙසිපියටමයි.තැටියේ බටර්  ආලේප කරන්න .වෙලාව පැයක්  පමණ  බේක්"  කරන්න.