October 4, 2016

ඔයාලා උදේට කාලද නැති අය මේ පොලොස් අච්චාරු  ටිකක් බෙදාගන්න .මේ  මම  හදාපු පලමු  පොලොස් අච්චාරුව මගේ පොඩි  කාලෙ මතකයක් අලුත් කරගෙන  හැදුවේ .මේකෙ රෙසිපිය ටිකක් වෙනස්.මම ගොඩාක් අයගෙ රෙසිපිස් බැලුවා .ඒත් මම  දැක්කෙ නැහැ  කවුරුවත් අච්චාරුවට "මුරුන්ගා පොත්තක්" අඹරලා දානවා.මේ ඒවිදියට හදාපු  අච්චාරුවක්අවශ්‍ය වෙන්නේ ,                                                  
*පොලොස්  ගෙඩියක් ලෙලි හැර බාගෙට තම්බා,සිහින්ව ලියා ගන්න .                                     *රතු ලූනු ගෙඩි 50g පොතුහැර සුද්ද කර ගන්න .                                                                  
*අමු මිරිස්  කරල් 10                                               
*අබ තේ හැදි 2                                                        
*සුදු ලූනු බික්  3                                                   
*කුරුදු පොතු කැබැල්ලක්                             
*සූදුරු තේ හැදි 1                                             
*විනාකිරි කෝප්ප 1                                          
*තරමක මුරුන්ගා පොතු කැබැල්ලක්            
*ලුනු සහ සීනි ස්වල්පයක්                                 

සාදන ආකාරය ;                                                  
*අමු මිරිස් ,ලූනු හැර අනෙක් සියල්ල  විනාකිරෙන් අඹරා ගන්න. (විනාකිරි කෝප්ප කාලකින් )                                           
* ඉතිරි  විනාකිරි ලිප  තබා  රත් වෙද්දී අඹරාගත් පේස්ට් එක හා පොලොස්  කැබලි ලී හැන්දකින් හොඳින්  මික්ස් කරන්න (මේ සදහා මැටි බාජනයක් බාවිතා කරන්න)                                           
*ලුනු  හා සීනි එකතු  කර රස බලා විනාඩි 2ක් පමණ රත් වූ පසු ලිපෙන් බා ගන්න .                                                               
*නිවුනු පසු මැටි බදුනක දමා පිරිසිදු රෙදි  කඩකින් කට ගැට ගසා දවසකට පසු ආහාරයට  එක්කර  ගන්න. මේක මාතර ප්‍රදේශයේ හදන  රසවත් අච්චාරුවක් ඔයාලත්  හදලා  රස බලන්න. මේ විදියට  හදාපු අච්චාරුවක් මාසයක් උනත් තියාගන්න  පුලුවන් .හැබැයි  තෙත  හැදි පාවිච්චි කරන්න එපා .හොඳින් මුට්ටියේ කට ගැට ගසා තව බාජනයක් ඊට  උඩින්  තබා වසා තබන්න .
6:57 AM Administrator