Showing posts with label chocolate cake. Show all posts

January 13, 2017

බිත්තර  නැති, බටර් නැති ,කිරි නැති  චොක්ලට්  කේක්

  • පාන් පිටි 180g
  • කුඩු  කර ගත් සීනි 160g
  • කොකෝවා පවුඩර්  මේසහැදි  3
  • වෙජිටබල් ඔයිල්  /කැනෝලා ඔයිල් /සන් ෆ්ලවර් ඔයිල් /කොකනට් ඔයිල් මේ ඕනෑම  වර්ගයකින්  කප් 1/2
  • වැනිලා  තේහැදි  2
  • බේකින්  පවුඩර්  තේහැදි 1
  • බේකින් සෝඩා තේහැදි  3/4
  • විනාකිරි  හෝ දෙහි යුශ  තේහැදි  2
  • මද  උනුසුම්  වතුර  කප් 1

සාදන  ක්‍රමය :

මුලින්ම පාන්  පිටි,බේකින්  පවුඩර් ,ලුණු  ,බේකින්  සෝඩා ,කොකෝවා  පවුඩර්  හොදින්  මිශ්‍ර  කරගන්න.ඉන්පසු තව  බාජනයක්  ගෙන  එයට වතුර ,වැනිලා ,ඔයිල් ,දෙහි යුශ හොදින්  මිශ්‍ර  කර ගන්න .දැන්  ඔයිල්  බාජනයට පිටි  ටික ටික  එකතු කරන්න .බීටර්  එකක්  අවශ්‍ය  නෑ .හැන්දකින්  මිශ්‍ර  කරන්න .මේ අතර අවන්  එක 180 c' ප්‍රි හීට් කර ඔයිල්  තවරා  ගත් ට්‍රේ  එකකට මිශ්‍රණය  දාගන්න .දැන්  මෙය  විනාඩි  30 බේක්  කරන්න.වෙලාව වෙනස්  විය හැකිය .ටූත්  පික් එකක්  ගසා බලන්න .බේක්  වෙලාද කියල .

කේක්  එක අයිසින්  කලේ මම  බටර්  අයිසින්  වලින් හා විප් ක්‍රීම්  වලින් .අයිසින්  නොකර කන්න  පුලුවන්  කැමති  නම් . ගොඩාක්  රසයි  හදලා  බලන්නකෝ

11:11 PM Administrator

December 17, 2016

ඩාක් චොක්ලට්  කේක්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පාන් පිටි  කප්   2/3
  • කොකෝවා පවුඩර්   1/3
  • සීනි  2/3
  • බේකින්  සෝඩා  තේහැදි   3/4
  • බේකින්  පවුඩර්  ඉතේහැදි   3/4
  • ලුණු  චුට්ටක්
  • බිත්තර  1
  • කිරි කප්  1/4
  • තෙල්  මේස හැදි 3 (මම  දැම්මේ  පොල්  තෙල් )
  • වැනිලා  තේහැදි  1/2
  • (මම  ගත්තෙ  පොඩි  කේක්  එකක ප්‍රමානයන්. ඔයාලට  පුලුවන්  වැඩි කර ගන්න)

සාදන  ක්‍රමය :

සීනි  වලට බිත්තරය දමා හොදින්  මිශ්‍ර  කරන්න.මේකට බීටර්  එකක්  අවශ්‍ය  නෑ.විස්ක් අතින් මිශ්‍ර කරන්න. තෙල්  දමා ගන්න.කිරි ,වැනිලා,ලුණු දමා හොදට මිශ්‍ර කරන්න. පිටි වලට කොකෝවා පවුඩර්, බේකින්  සෝඩා, බේකින් පවුඩර් දමා හලාගෙන එය මිශ්‍රණයට ටික ටික එකතු කරන්න. ට්‍රේ එකක් ගෙන බටර් තවරා ගන්න. දැන් අවන් එක 180 c ප්‍රි හීට් කර ගන්න. විනාඩි 30, 35 බේක් කර නිවා ගන්න. දැන්  තමන්  කැමති  හැඩ කපා කේක් එක මත තබන්න. ඉන් පසු ඊට උඩින් අයිසින්  ශුගර් හලා ගන්න. දැන්  පරිස්සමින් අර හැඩ ටික  ඉවත්  කරන්න. ඔන්න ඉතින්  "ස්නෝවයිට් ඩාක් චොක්ලට් " එක සූදානම්  නත්තල සමරන්නට.

6:40 PM Administrator