December 5, 2016

Posted by Administrator on 11:49 PM

මුලින්ම  කොල ටික  හොඳින්  සෝදා  වතුර වේලුනාට පසු සිහින්ව  ලියාගන්න. ගාගත්  පොල්  ටිකකට කහ ස්වල්පයක්  , රතු ලූනු ,අමු මිරිස්  කරලක්  දමා සිහින්ව  අඹරා  ගන්න .ලුනු ස්වල්පයක් හා වතුර ඉතා ස්වල්පයක්  දමා අඹරා  ගත් පොල් ටික මුලින්ම  ලිප තබා මැලවෙද්දී එයට ලියා  ගත් කොල  ටික  දමා  ලිපෙන්  බා ගන්න .වැඩි වෙලා කොල දමා මලවන්න එපා.එවිට  පෝෂණ කොටස් විනාශ  වෙනවා.කොල  පාට තිබෙන්නට  මැල්ලුම් ජාති මලවා ගන්න  .නිවුනු  පසු දෙහි ඇඹුල්  ටිකක්  එක් කර ගත හැක.