December 17, 2016

Posted by Administrator on 10:34 PM






ෆිලින් කප්ස්

අවශ්‍ය දෙවල් ;

  • පාන්  පිටි 225g                                         
  • යිස්ට් තේහැදි  1                                                   
  • බටර්  15 g                                          
  • බිත්තර 1 g                        
  • මද රස්නේ කිරි 80 ml ( කිරි දානකොට ටික ටික දමා මිශ්‍ර කර ගන්න )
  • සිනි  30 g  ( රස අනුව දමා ගන්න )
  • ලුනු ස්වල්පයක්


පිටි ටික ලොකු බදුනකට දමා එයට සිනි / ලුණු / බිත්තරය / මෙල්ටඩ් බටර්/ යීස්ට් දමා එයට කිරි  ටික  ටික  දමමින් විනාඩි  10 හොදින් අනා ගන්න .මෙය තෙත රෙදි කඩකින්  වසා තවත්  විනාඩි  10 ක් තබා පිටි ඉස ගත් ලෑල්ලක  තබා නැවත  හොදින්  අනා ගෙන කුඩා ගනකම්  නොවන රවුම්  සාදා ගන්න .      
දැන් මේ  රවුම් කුඩා  තෙල්  ටිකක්  ගා ගත්  ඇලුමිනියම්  ස්පන්චි කප් එක ඇතුලට  දමා ඒහැඩය ට ඩෝ එක සාදා ගන්න .( ජායාරූපයේ පෙනෙන  පරිදි )අවශ්‍ය පමණ සාදා  ගෙන ප්‍රී හීට්  කර ගත් අවන්  එකක 180c'  විනාඩි  10 බේක්  කරන්න .යාන්තමට  රන්වන්  පාට  වෙද්දි  අවන්  එකෙන්  ඉවත්  කර නිවෙන්නට  තබන්න .දැන්  කප් එක සාදා  අවසානයි .ඔබට අවශ්‍ය  රසවත්  අතුරුපසක්  පුරවා ගත හැකිය .