December 19, 2016

Posted by Administrator on 11:49 AM



අඹ මාලුව

අවශ්‍ය  වෙන්නේ:                                        
  • අමු අඹ ගෙඩි 2                                              
  • ලොකු ලූනු  ගෙඩි 1                                           
  • සුදු  ලූනු  බික් 4                                                   
  • කුරුදු  පොතු කැබැල්ලක්                                 
  • පොල් කිරි  අවශ්‍ය  පමණ                               
  • එනසාල්,කරාබු නැටි 2,3 ක්                             
  • ලුනු,සීනි  අවශ්‍ය  පමණ                                    
  • කහ ස්වල්පයක්                                             
  • මිරිස්  කුඩු මේස හැදි  2                     
  • ගම්මිරිස්  ඇට තේහැදි  1                   
  • තුනපහ  කුඩු  මේසහැදි 1 1/2 +  1/2             
  • බැදීමට  පොල්  තෙල්                                  
  • උලුහාල් ඉතාම  ස්වල්පයක්                          
  • රම්පේ , කරපිංචා    ,
  • අබ තේහැදි  1                               


සාදන ක්‍රමය :           
                             අඹ සෝදා  ඇටය සමග තීරු කපා  ගන්න .කහ ලුනු  ටිකක්  අත ගා ගැඹුරු  තෙලේ බැද   ගන්න . ඒක බැදෙනකල් ලොකු  ලූනු  ලියා ගන්න.සුදු  ලූනු ,එනසාල්  ,කරාබු  නැටි තලා ගන්න .වෙලාවක් නෑ .කර වෙනකල් නෙවි සාමාන්‍ය  ලෙස  තැම්බෙනකල් බැද  ගන්න .මිරිස් කුඩු  හැදි  2න් 1 ක් හා තුනපහ හැදි 1 1/2 එකතුකොට බැද  ගන්න .කලුපාට  වෙන්න.(ගොඩාක්  එපා.නැත්නම්  තිත්ත රස වෙනව.) අඹ බැද  ගත් තෙල් වලින්  ටිකක්  ගෙන ලිප තබා  රත් වෙද්දී අබ සුදු  ලූනු ,ලොකු  ලූනු,එනසාල්  එකතු  කරන්න .
ඊට  පසු බැද ගත් අඹ  සහ බැද ගත් තුනපහ එකත්  කරන්න .ලුනු සීනි ද එකතු කරන්න .කුරුදු  පොතු,ගම්මිරිස්  එකතු  කර .පොල් කිරි  ද එකතු කරන්න .දැන්  මද ගින්නේ උයා ගන්න .මේඅතර ඉතිරි  තුනපහ කුඩු හැදි  1/2,මිරිස් හැදි 1 එකතු   කර ලුනු  සීනි  රස බලා හොඳින්  තෙල්  පෑදී එද්දී  රම්පේ ,කරපිංචා  දමා  ලිපෙන්  බා ගන්න .

මේක  ඉතින්  රස  දැන්  නෙවි .හෙට  අනිද්දට තමයි .  විශේෂයෙන් අඹ බදින්නේ ඇඹුල්  ගතිය  අඩු කරන්න .නොබදින තුනපහ  ,මිරිස්  එකතු කලේ නව රසක්  එක් කරන්න . කරපිංචා ,රම්පේ  බාන්න කිට්ටුව  දැම්මේ  රස,සුවද  සුරැකෙන්න.