Showing posts with label Sweets. Show all posts

January 19, 2017

සෙමොලිනා කේක්

  • රුලං කප් 2
  • බිත්තර 4
  • සීනි කප් 1
  • බටර් කප් 1
  • ඩෙසිකේටඩ් කොකන්ට් කප් 1
  • (ගා ගත් පොල් කප් 1 පෑන් එකක දමා ෆ්‍රයි කර ගන්න )
  • බේකින්  පවුඩර් තේහැදි  1
  • ආමන්ඩ් එසන්ස්  තේහැදි  1
  • කපා ගත්කජු,ආමන්ඩ්  ඇට මේසහැදි  2
  • චෙරි මේසහැදි 1
  • ලුණු චුට්ටක්
  • කිරි මේසහැදි  4

සාදන  ක්‍රමය :

සීනි ,බටර්  බීට්  කරන්න .බිත්තර දමා  බීට් කරන්න .රුලං වලට  බේකින් පවුඩර්, ලුණු   මිශ්‍ර  කරන්න .බීට් කරගත්  මිශ්‍රණයට පොල් හා රුලං  එකතු කරන්න .දැන්  බීට් කරන්න  අවශ්‍ය  නෑ හැන්දකින් මිශ්‍ර  කරන්න .ආමන්ඩ්  එසන්ස් ,කිරි එකතු  කරන්න .චෙරි හා නට්ස් රුලං ටිකකින් දවටා  ගන්න. එයද එකතු කර හොදින්   මිශ්‍ර  කරන්න .තෙත ගතිය මදි නම් තව කිරි  මේසහැදි 1 එකතු  කරන්න  පුලුවන් . අවන්  එක ප්‍රි හීට් කර 180 උශ්නත්වය සකසා විනාඩි 30 - 40 බේක්  කර ගන්න .

මේක  සාම්ප්‍රදායික  ඉන්දීය කේක්  එකක්  බව අන්තර්ජාලයේ තොරතුරු  සදහන්  උනා.එයාල  මේකට රෝස් වෝටර් දාලා  හදන්නෙ කියා තිබුනා .මම මේක අපට පුරුදු  රසයකින්  රෙසිපිය නිර්මාණය  කලා.හරිම සොෆ්ට් මේ කේක්  එක.ඔන්න පුලුවන්  දැන්  හදලා  රස බලන්න .

8:12 PM Administrator

January 11, 2017

කුකීස්  හදමු.

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පාන්  පිටි  කප් 2 1/2
  • කුඩු  කර ගත්  සීනි  කප් 1
  • බටර්  කප් 3/4
  • බිත්තර  1
  • ලුණු තේහැදි  1/4
  • බේකින්  පවුඩර්  තේහැදි  1
  • වැනිලා  තේහැදි  1/2
  • කැමති  කලරින්  වර්ග

සාදන  ක්‍රමය : 1

සීනි ,බටර් බීට්  කරන්න .බිත්තරය  එකතු  කර බීට්  කරන්න .පිටි  වලට  බේකින්  පවුඩර් ,ලුණු  එකතු  කර බීට්  කරන්න .වැනිලා  එකතු  කරන්න .මෙය එකලොකු බෝලයක්  සාදා  පැය  2 ක් ෆ්‍රිජ්  එකේ තබා ඉවතට ගෙන පිටි  ඉසගත් ලෑල්ලට  දමා  කැමති  වර්ණ  එකතු කර කටර් වලට දමා  හැඩ කපා ගන්න. නිතරම අතේ හා කටර් වල පිටි  තවරා ගන්න .මෙය ඔයිල්  පේපර්  එකට දා ගන්නා විට කුඩු කර ගත් සීනි  ටිකක් උඩට ඉස ගන්න .170c' ප්‍රිහීට් කර ගත්  අවන් එකක විනාඩි  12,15 බේක්  කර ගන්න .නිවෙන්නට අවන් එකේ ඩෝ එක ඇර ටික වෙලාවක්  තබන්න .යාන්තමට කුකීස් වල අඩිය  කර වේගෙන එද්දී  බා ගන්න .නැත්නම්  ගොඩාක්  හයි වෙනවා.

සාදන  ක්‍රමය : 2

මෙහිදී  පිටි  කප් 1/2  හා තවත්  සීනි  කප් 1/2 වැඩිපුර  එකතු කරන්න .කලින්  මිශ්‍රණය  ටිකක්  දියාරු  ගතියෙන්  යුක්තයි.ඒය ෆ්‍රිජ්  එකේ තබා සාදන  නිසා ප්‍රශ්නයක්  නෑ .කැමති  නම්  පයිපින්  බෑගයකට දමා  නොසල්  වලින්  දා ගන්නත පුලුවන් .දෙවැනි ක්‍රමයටයි මම  හැදුවේ .මම  ෆ්‍රිජ්  එකට දැම්මේ  නෑ .කෙලින්ම  හැදුවා .ඒනිසා  අතේ නොඇලෙන්න හොදට  පිටි  තවරාගෙන  පරිස්සමින්  කටර් වලින්  කපා ගෙන ඔයිල්  පේපර් එකට දා ගන්න  ඕන .පිහියකින්  අරගෙන  තමයි  මම  ඔයිල්  පේපර්  එකට දා ගත්තෙ .බේක්  කර්න්නෙ.ඉහත  ක්‍රමයටමයි.

රෝයල්  අයිසින් :

  • බිත්තර  සුදු  මද එකක් (එග් පවුඩර්  ගන්නවා නම් වතුර  මේස හැදි  2 එග් පවුඩර්  මේස හැන්දක්  )
  • අයිසින්  ශුගර් ප්‍රමානයක් නෑ .ටිකක්  ගනකම්   වෙනකල්  දාන්න(හැන්දකින්  ඉස්සුවාම වැක්කෙරෙන ගානට)
  • කැමති  එසන්ස් වර්ගයක් .
බිත්තර  සුදු මදය හොදට  බීට්  කරන්න .ටික  ටික අයිසින් ශුගර්  එකතු  කරන්න .එසන්ස්  දමා  ගන්න .කැමති  වර්ණ  එකතු කරන්න .
     දැන්  පයිපින්  බෑග්ස්වලට දා ගෙන  නො: 1,2,3 විල්ටන් නොසල්  වලින්  තමයි  මම  හැඩ කර ගත්තෙ කුකීස්  ටික .

11:06 PM Administrator

December 7, 2016

අවශ්‍ය දේ:
  • පාන් පිටි 250g
  • සීනි 200g (කුඩු කරගත්)
  • බිත්තර 1
  • බටර් 25g
  • පොල් කිරි කෝප්පයක් 
  • ලුනු ස්වල්පයක් 
  • ඊස්ට් තේ හැඳි 1/4
  • ආප්පසෝඩා තේ හැදි 1
 සාදන  ආකාරය:

සීනි, බටර්, බිත්තර හොදින් මිශ්‍ර කර එ‍යට පොල්කිරි එකෙන් බාගයක් හා ලුනු එක් කර හොදින් කලවම් කරන්න.ඊටපසු පිටි දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් ඊස්ට්,ආප්පසෝඩා හා ඉතිරි පොල්කිරි දමා හොදින් කලවම් කරන්න.මේ මිශ්‍රණය රාත්‍රියක් පිපෙන්න තියන්න.පසුව තෙල් ටිකක් ගාලා මෆින් ට්‍රේ(කප් කේක් තැටියට හරි දාන්න.) වල දාලා අවන් එක විනාඩි 10ක් ෆී හීට් කරල විනාඩි 10,15ක් 180c උශ්නත්වයේ බේක් කර ගන්න.
11:17 PM Administrator

July 7, 2016

යාලුවනේ ,පැනි වලලුවක් කාලා  ප්ලේන්ටියක් බොමුද?                                                                                                                                               
අවශ්‍ය වෙනවා :
  • උදු හුන්ඩු 1,
  • සුදු  කැකුලු හාල් හුන්ඩු  1 1/2 ,
  • ලුනු ස්වල්පයක්, 
  • පැනි බෝතල් 1/2 (සීනි  ගන්නවා නම්  සීනි 500 g ),
  • බැදීමට  අවශ්‍ය  පමණ  පොල්  තෙල්,
සාදන  ආකාරය :
උදු සහ හාල් වෙන වෙනම  වතුර  දමා  වරුවක් පමන (උදේ  සාදන  වා නම් රාත්‍රී  පෙගෙන්නට  තබන්න .සවස  සාදනවා නම්  උදේ  වරුවේ පෙගෙන්නට  තබන්න ) ඉන් පසු සෝදා  මේ දෙවර්ගයෙන්ම ටික ටික  දමා  වතුර  ස්වල්පයක් ද එක් කොට ග්‍රය්න්ඩර් එකෙන්  අබරා  ගන්න.මෙහිදි ගනකම්  මිශ්‍රණයක් ලැබේ .එයට  ලුනු  ස්වල්පයක්  එකතු  කර  මෙය පසෙකින්  තබන්න. 

ඉන්  පසු  පැනි  ටික උනු කර  එය තරමක්  නිවෙන්නට  තබන්න . දැන්  සාදා  ගත්  මිශ්‍රණය  පිරිසිදු රෙදි  කැබැල්ලක්  ගෙන එහි  හරි මැද පුංචි  සිදුරක් සාදා ගන්න .එසේ නැති  නම් ඔයාලා  ලග පයිපින් බෑග් එකක්  තියෙනවා  නම්  වඩාත්  සුදුසය්.ඉන්  පසු  තෙල්  ලිප තබා පයිපින්  බෑග්  එකට මේ  මිශ්‍රණය   දමා  ගන්න ,තෙල්  රත් වූ පසු  පැනි  වලලුවක් ආකාරයට මේ  ගැබුරු තෙලට මිශ්‍රණය  වක් කරන්න . දෙපැත්ත  රන් වන් පාටට බැදුනු පසු එය පැනි  මුට්ටියට දමා  ඊලඟ  එක බැදෙන තෙක් පැනි  උරා ගන්නට තබා  පසව වෙන බාජනයකට  ඉවත්  කරන්න.

මේ  විදියට  තමය්‍ මම  පැනි   වලලු  හදා  ගත්තෙ. මම  කවදාවත්  මේවා  හදනවා.දැකලා  තිබුණේ  නෑ.මම  යාලුවෙකුගේ අම්ම  කෙනෙකුගෙන්  අහගෙන  තමය්  හැදුවෙ .පල්වෙනි දවසෙම හොදට  හැදුවා .දැන්  මම නෑදෑ ගමන් යන්නත් හදා ගෙන යනවා.මට මේක  හදන්න.කියල  දීපු පුබුදු ගෙ අම්මාට ගොඩක්  ස්තූතියි.
8:57 AM Administrator

July 2, 2016

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • Gelatin 30g, 
  • සීනි  500g,
  • vanilla 1 tsp,
  • කැමැති  කලරින්  වර්ගයක්,
  • වතුර  කෝප්ප 1 1/2  ක්,
  • දැවටමට කෝන් ෆ්ලා හෝ icing sugar,

සාදන  ක්‍රමය:

මුලින්ම වතුර ටික කොටස් 2 බෙදා  ගන්න.එක කොටසකට  ජෙලටින් දමා  පෙගෙන්නට  තබන්න .ඉතිරි  කොටසට  සීනි  ටික  දමා  ලිප  තබා  උනු කරන්න.සීනි බුබුළු දාගෙන උනු වෙද්දී එයට ජෙලටින්  ටික එකතු කරන්න.තව මිනිත්තු  2 විතර  උනු කර  ලිපෙන්  බා ගන්න.ඉන්  පසු  high-speed එකෙන් මේ  මිශ්‍රණය  රස්නෙ පිටින් ම beat කරන්න .සුදු පාටට ගන මිශ්‍රණය ක් සෑදේ.vanilla  එක් කර නැවත beat කරන්න .බටර්   ගා ගත් තැටියක මේ මිශ්‍රණයෙන් බාගයක්  දමා ඉතිරි ටිකට කලරින්  දමා .කලින්  මිශ්‍රණයට  එකතු කර පැය 3,4 ක් ප්‍රිජ් එකේ දමා icing සීනි  වල  දවටා කෑලි  කපා ගන්න.
හරිම රසවත් .ගෙදර  හදාපු  මාශ්මෙලෝස්.
6:07 PM Administrator

June 30, 2016

10:54 PM Administrator