December 21, 2016

Posted by Administrator on 10:39 PM



වැනිලා  අයිස්ක්‍රීම් :                        
අවශ්‍ය  වෙන්නෙ
  • ෆ්‍රෙශ්  මිල්ක්  කප් 2                                       
  • විප් ක්‍රීම්  කප් 1                                                  
  • මිල්ක්මේඩ්  කප් 1/2                                          
  • වැනිලා  තේහැදි  2  

            
වැනිලා හැර මේ  සියල්ල එකට දමා ,තවත්  බාජනයක්  ගෙන අයිස්  කියුබ්  ටිකක්  දමා ,ඊට  උඩින් මිශ්‍රණ දැමූ බාජනය තබා හයිස්පීඩ් බීට්  කරන්න .විනාඩි  10 බීට්  කර වැනිලා  දමා සුදුසු  ටබ් එකකට දමා දවසක් ෆ්‍රිජ්  එකේ උඩ කොටසේ  තබන්න .                         චොක්ලට්  අයිස්ක්‍රීම් සදහා ,කොකෝ පවුඩර්  මේස හැදි  2ක් දමා ,බීට්  කරන්න .  
ආහාර  වර්ණක,කල් තබා ගැනීමේ  ද්‍රව්‍ය  ,ජෙලටින්  මේ කිසිම  දෙයක්  මේ අයිස්ක්‍රීම්  වලට යොදා ගත්තෙ නෑ .ගොඩාක්  යාලුවන්ගෙ රෙසිපි  මම  බැලුවා .ඔයාලගෙනුත් අදහස් එකතු කරගත්තා.ඔයාලටත්  ගොඩාක්  ස්තුතියි. 
අන්තර්ජාලයෙනුත් රෙසිපිය බලලා.මම  මේ රෙසිපිය  හදාගෙන  මේ විදියට  අයිස්ක්‍රීම්  හැදුවා .ඉතින් ඔයාලත්  හදලා  බලන්න .ගොඩාක්  රසයි .පුංචි  දරුවන්ට  නම්  මේක  රසම රස වෙයි .                           දැන්  ඔයාලට  පුලුවන්  ෆිලින්  එක හදලා  මම  වගේ රස අයිස්ක්‍රීම්  එකක්  පිලිගන්වන්න .