December 7, 2016

Posted by Administrator on 11:17 PM




අවශ්‍ය දේ:
  • පාන් පිටි 250g
  • සීනි 200g (කුඩු කරගත්)
  • බිත්තර 1
  • බටර් 25g
  • පොල් කිරි කෝප්පයක් 
  • ලුනු ස්වල්පයක් 
  • ඊස්ට් තේ හැඳි 1/4
  • ආප්පසෝඩා තේ හැදි 1
 සාදන  ආකාරය:

සීනි, බටර්, බිත්තර හොදින් මිශ්‍ර කර එ‍යට පොල්කිරි එකෙන් බාගයක් හා ලුනු එක් කර හොදින් කලවම් කරන්න.ඊටපසු පිටි දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් ඊස්ට්,ආප්පසෝඩා හා ඉතිරි පොල්කිරි දමා හොදින් කලවම් කරන්න.මේ මිශ්‍රණය රාත්‍රියක් පිපෙන්න තියන්න.පසුව තෙල් ටිකක් ගාලා මෆින් ට්‍රේ(කප් කේක් තැටියට හරි දාන්න.) වල දාලා අවන් එක විනාඩි 10ක් ෆී හීට් කරල විනාඩි 10,15ක් 180c උශ්නත්වයේ බේක් කර ගන්න.
Categories: , , ,