December 13, 2016

Posted by Administrator on 9:35 PM




කොහිල  වලින්  තවත්  රසවත්  කෑමක්  මම  ඔයාලට  ගෙනාවා .ඒ "කොහිල මෝජු " 
 *****අවශ්‍ය  වෙන්නෙ,

  •    කොහිල  අල 3ක්
  •    අමු මිරිස්  කරල් 10
  •    රතු ලූනු ගෙඩි 10,15
  •    විනාකිරි  කෝප්ප  1/2
  •    මිරිස්  කුඩු  මේසහැදි  2
  •    ලුණු අවශ්‍ය  පමණ
  •    කහ  ස්වල්පයක්
  •    බැදීමට  තෙල්  අවශ්‍ය  පමණ
  •    එනසාල්  කරල් 2,3
  •    කුරුදු  පොතු කැබැල්ලක්
  •    රස අනුව  සීනි  දමා  ගන්න .
  •    කරපිංචා  ටිකක්


 සාදන  ක්‍රමය :
කොහිල  දික් අතට සිහින් තීරු  කපා  ගන්න .ලුණු ,කහ අතගා ගැඹුරු  තෙලේ  බැද  ගන්න .ක්‍රිස්පි  ගතියට  එද්දී  ලිපෙන්  බා ගෙන  තෙල්  බේරෙන්න  තබන්න .කරපිංචා බැද  ගන්න .ලූනු හා අමු මිරිස්  උනු ගස්සවා  ගන්න .පැහැය වෙනස්  වෙන්න  පෙර අමු මිරිස්  බාගන්න .දැන්  විනාකිරි  ලිප  තබා  රත්  වෙද්දි එයට  සීනි හා මිරිස්  කුඩු  දමා  ගන්න .දැන්  බැද ගත්  කොහිල ,කරපිංචා,කුරුදු ,එනසාල්   දමා හොදින්  කලවම් කර රස බලා ලිපෙන්  බා ගෙන  නිවෙන්නට  තබා බෝතලයකට  දමා  ගන්න .ගොඩාක්  රසයි මේ කොහිල  මෝජුව.ඔයලත් හදලා මට  රස කියන්නකෝ.