December 30, 2016

Posted by Administrator on 6:22 PM


අවශ්‍ය  ද්‍රව්‍ය :
  • තම්බා ගත් කඩල කෝප්ප  2
  • ලියා ගත් රතු ලූනු  ගෙඩි  4,5
  • චොප් කර ගත් සුදු  ලූනු ගෙඩි  3
  • අමු තුනපහ  තේහැදි  1
  • උලුහාල්  කුඩු  තේහැදි  1/4
  • කුරුදු  පොතු කැබැල්ලක්
  • මිටි කිරි  හා දිය  කිරි  කෝප්ප  1 බැගින්
  • ලියා ගත්  අමු මිරිස්  කරල් 2
  • අබ තේහැදි 1
  • රම්පේ ,කරපිංචා
  • තෙල් ස්වල්පයක්
  • ලුණු  අවශ්‍ය  පමණ
  • කහ ස්වල්පයක් 

සාදන  ක්‍රමය :

පෑන්  එකට තෙල්  ටිකක්  ලිප  තබා එය රත් වෙද්දි එයට අබ ,සුදු  ලූනු .රතු ලූනු රම්පෙ ,කරපිංචා  දමා  බැද  ගන්න .දැන්  තෙල්  බේරා මේටික බාජනයකට  ඉවත්  කර  ගන්න .ඉන් පසු කඩල  ටික දමා  ගන්න .දිය  කිරි  ටික  දමා  ඉතිරි  කලමනා  ටික එකතු  කරන්න .දිය  කිරි  ටික  හිදීගෙන එද්දී  මිටි කිරි  එකතු  කර හොදට  නටාගෙන එද්දී කලින්  බැද ගත් අබ,ලූනු  ටික  එකතු  කර ලුණු  රස බලා ලිපෙන්  බාගන්න .

Categories: , ,