Showing posts with label Rotti. Show all posts

July 3, 2016

තේ බොන්න මොනවාද  හදන්නේ  කියල හිත හිතා ඉදලා ඔන්න මමත් හැදුවා "එලවලු රොටී" හැබැයි pan එකෙන්  නෙවෙයි .sandwich  maker  එකෙන් .

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 250g,
  • සීනි 10g,
  • ඊස්ට් 4g,
  • ලුණු ස්වල්පයක්,
  • උනු වතුර 20ml,
  • බටර් මේස හැදි 2,
  • සීතල වතුර ස්වල්පයක්,
  • අවශ්‍ය නම් පොල් ස්වල්පයක් එකතු කර ගත හැක.

පිරවුම සදහා :

  • අල ගෙඩියක් තීරු කපා තම්බා ගන්න,
  • ලොකු ලුනු ගෙඩියක් ලියා ගන්න.
  • සුදු ලූනු බික් 3,
  • ඉගුරු ස්වල්පයක් ,
  • ලීක්ස් ගහක්,
  • කැරට් අල 1/2,
  • සහ අවශ්‍ය නම් මාලු හෝ සැමන් පොඩිකර ගන්න,
  • ගම්මිරිස් කෑලි මිරිස් හා ලුනු ස්වල්පයක්,
  • කහ ස්වල්පයක්,
  • තෙල් මේස හැදි 2ක්,
  • ලියා ගත් කරපින්චා ස්වල්පයක්.

සාදන  ආකාරය :
මුලින්ම ඊස්ට් හා සීනි ,ලුනු බාජනයකට දමා එයට උනු වතුර  එක්කොට  දිය  කර ගන්න .ඉන්  පසු එය පාන්  පිටි  එකට දමා කලවම් කරන්න .එයටම පොල්,බටර් දමා  ,සීතල  වතුර ටික  ටික  දමා  අනා ගන්න.අතේ නොඅඑලෙන  පදමට ,මෙය පැය 1/2 පමන වසා තබන්න.

පිරවුම සදහා:
තෙල් ලිප තබා රත් වෙද්දී සුදු  ලූනු ,ඉගුරු   ,කරපිංචා ,මාලු දමා බැදීගෙන  එද්දි ,අනෙක්  සියලු  ද්‍රව්‍ය  එකතු කොට ලිපෙන්  බා ගන්න .දැන් පිටි  මෝලිය  ඉවතට  ගෙන කොටුවක් අකාරයට  රොටිය  සාදා එය sandwich maker  එක තුලට දමා ඊට  උඩින් paste එක දමා  ඊට  උඩින් තවත්‍ රොටියක් තබා වසා ගන්න.(පාන් සැන්විච් කරන ආකාරයට )විනාඩි 3,4 කින්  රොටිය  පිලිස්සි ඇද්දය් බලා  ඉවතට  ගන්න .
10:24 PM Administrator