December 21, 2016

වැනිලා  අයිස්ක්‍රීම් :                        
අවශ්‍ය  වෙන්නෙ
  • ෆ්‍රෙශ්  මිල්ක්  කප් 2                                       
  • විප් ක්‍රීම්  කප් 1                                                  
  • මිල්ක්මේඩ්  කප් 1/2                                          
  • වැනිලා  තේහැදි  2  

වැනිලා හැර මේ  සියල්ල එකට දමා ,තවත්  බාජනයක්  ගෙන අයිස්  කියුබ්  ටිකක්  දමා ,ඊට  උඩින් මිශ්‍රණ දැමූ බාජනය තබා හයිස්පීඩ් බීට්  කරන්න .විනාඩි  10 බීට්  කර වැනිලා  දමා සුදුසු  ටබ් එකකට දමා දවසක් ෆ්‍රිජ්  එකේ උඩ කොටසේ  තබන්න .                         චොක්ලට්  අයිස්ක්‍රීම් සදහා ,කොකෝ පවුඩර්  මේස හැදි  2ක් දමා ,බීට්  කරන්න .  
ආහාර  වර්ණක,කල් තබා ගැනීමේ  ද්‍රව්‍ය  ,ජෙලටින්  මේ කිසිම  දෙයක්  මේ අයිස්ක්‍රීම්  වලට යොදා ගත්තෙ නෑ .ගොඩාක්  යාලුවන්ගෙ රෙසිපි  මම  බැලුවා .ඔයාලගෙනුත් අදහස් එකතු කරගත්තා.ඔයාලටත්  ගොඩාක්  ස්තුතියි. 
අන්තර්ජාලයෙනුත් රෙසිපිය බලලා.මම  මේ රෙසිපිය  හදාගෙන  මේ විදියට  අයිස්ක්‍රීම්  හැදුවා .ඉතින් ඔයාලත්  හදලා  බලන්න .ගොඩාක්  රසයි .පුංචි  දරුවන්ට  නම්  මේක  රසම රස වෙයි .                           දැන්  ඔයාලට  පුලුවන්  ෆිලින්  එක හදලා  මම  වගේ රස අයිස්ක්‍රීම්  එකක්  පිලිගන්වන්න .
10:39 PM Administrator

December 20, 2016

  • පොල් ගෙඩි 1 1/2 ක පොල් (200g )  
  • හකුරු 125g    
  • රතු සීනි 150g 
  • පිටි 150g , බේකින් පව්ඩර් තේ හැදී 1
  • පොල් කිරි අඩු කෝප්ප 1/2 වගේ (50ml ගන්න)
  • වැනිලා..කජු 50g
  • කැමතිනම් කුරුදු කුඩු, එනසහල් කුඩු එකතු කරන්න..
මුලින්ම සීනි සහ ග්‍රේට් කරගත් හකුරු පොල් කිරි සමගින් උණු කරන්න
එයට පොල් එකතු කරන්න,වැනිලා හෝ කුරුදු කුඩු, එනසහල් කුඩු එකතු කරන්න, දැන් එය නිවෙන්න තියන්න..
*නිවුනට පසු පිටි+බේකින් පව්ඩර් සහ කපාගත් කජු එකතු කරන්න
*150C උෂ්ණත්වයෙන් පැය 1 විනාඩි 20 බේක් කලා  170C  නම් පැයක් වගේ ඇති,

11:21 AM Administrator

December 19, 2016

අඹ මාලුව

අවශ්‍ය  වෙන්නේ:                                        
  • අමු අඹ ගෙඩි 2                                              
  • ලොකු ලූනු  ගෙඩි 1                                           
  • සුදු  ලූනු  බික් 4                                                   
  • කුරුදු  පොතු කැබැල්ලක්                                 
  • පොල් කිරි  අවශ්‍ය  පමණ                               
  • එනසාල්,කරාබු නැටි 2,3 ක්                             
  • ලුනු,සීනි  අවශ්‍ය  පමණ                                    
  • කහ ස්වල්පයක්                                             
  • මිරිස්  කුඩු මේස හැදි  2                     
  • ගම්මිරිස්  ඇට තේහැදි  1                   
  • තුනපහ  කුඩු  මේසහැදි 1 1/2 +  1/2             
  • බැදීමට  පොල්  තෙල්                                  
  • උලුහාල් ඉතාම  ස්වල්පයක්                          
  • රම්පේ , කරපිංචා    ,
  • අබ තේහැදි  1                               

සාදන ක්‍රමය :           
                             අඹ සෝදා  ඇටය සමග තීරු කපා  ගන්න .කහ ලුනු  ටිකක්  අත ගා ගැඹුරු  තෙලේ බැද   ගන්න . ඒක බැදෙනකල් ලොකු  ලූනු  ලියා ගන්න.සුදු  ලූනු ,එනසාල්  ,කරාබු  නැටි තලා ගන්න .වෙලාවක් නෑ .කර වෙනකල් නෙවි සාමාන්‍ය  ලෙස  තැම්බෙනකල් බැද  ගන්න .මිරිස් කුඩු  හැදි  2න් 1 ක් හා තුනපහ හැදි 1 1/2 එකතුකොට බැද  ගන්න .කලුපාට  වෙන්න.(ගොඩාක්  එපා.නැත්නම්  තිත්ත රස වෙනව.) අඹ බැද  ගත් තෙල් වලින්  ටිකක්  ගෙන ලිප තබා  රත් වෙද්දී අබ සුදු  ලූනු ,ලොකු  ලූනු,එනසාල්  එකතු  කරන්න .
ඊට  පසු බැද ගත් අඹ  සහ බැද ගත් තුනපහ එකත්  කරන්න .ලුනු සීනි ද එකතු කරන්න .කුරුදු  පොතු,ගම්මිරිස්  එකතු  කර .පොල් කිරි  ද එකතු කරන්න .දැන්  මද ගින්නේ උයා ගන්න .මේඅතර ඉතිරි  තුනපහ කුඩු හැදි  1/2,මිරිස් හැදි 1 එකතු   කර ලුනු  සීනි  රස බලා හොඳින්  තෙල්  පෑදී එද්දී  රම්පේ ,කරපිංචා  දමා  ලිපෙන්  බා ගන්න .

මේක  ඉතින්  රස  දැන්  නෙවි .හෙට  අනිද්දට තමයි .  විශේෂයෙන් අඹ බදින්නේ ඇඹුල්  ගතිය  අඩු කරන්න .නොබදින තුනපහ  ,මිරිස්  එකතු කලේ නව රසක්  එක් කරන්න . කරපිංචා ,රම්පේ  බාන්න කිට්ටුව  දැම්මේ  රස,සුවද  සුරැකෙන්න.      
11:49 AM Administrator

December 18, 2016

අවශ්‍ය ද්‍රව්‍ය:                                                
  • පාන් පිටි කප් 2                                          
  • ගාගත් පොල් කප් 2                                     
  • සීනි  කප් 2                                                            
  • වතුර  කප් 1 1/2                                            
  • වැනිලා තේ හැදි 1                                 
  • කලරින් බ්න්දුවයි.                                           
  • කුකින් චොක්ලට්  අවශ්‍ය  පමණ                   
  • කිරි කප් 1 1/2                                                    
  • බටර් තේ හැදි 1       

සාදන  ක්‍රමය:                                                    
සීනි වතුර  දමා හොදින්  උනු කරන්න.පැනි නූල් මෙන් ඇදෙන විට පොල්,පිටි,කලරින් ,වැනිලා ,කිරි එකතු  කර හොඳින් පැනි හින්දවාගෙන  ගනකම් වෙද්දි ලිපෙන්  බා ගන්න .යන්තමින්  රස්නෙ තියෙද්දී කුඩා බෝල සාදා ගන්න.කුකින්  චොක්ලට් වලට බටර්  දමා  ඩබල් බොයිල් ක්‍රමයට දිය  කරගෙන සාදා ගත් බෝල එය තුල ගිල්වා ගන්න. ඉන් පසු ෆ්‍රිජ් එකේ විනාඩි  15 තබා ඉන් පසු  කොකන්ට් චොකෝ  බෝල්ස්"  රස බලන්න  පුලුවන් .  
11:54 AM Administrator

December 17, 2016

ෆිලින් කප්ස්

අවශ්‍ය දෙවල් ;

  • පාන්  පිටි 225g                                         
  • යිස්ට් තේහැදි  1                                                   
  • බටර්  15 g                                          
  • බිත්තර 1 g                        
  • මද රස්නේ කිරි 80 ml ( කිරි දානකොට ටික ටික දමා මිශ්‍ර කර ගන්න )
  • සිනි  30 g  ( රස අනුව දමා ගන්න )
  • ලුනු ස්වල්පයක්

පිටි ටික ලොකු බදුනකට දමා එයට සිනි / ලුණු / බිත්තරය / මෙල්ටඩ් බටර්/ යීස්ට් දමා එයට කිරි  ටික  ටික  දමමින් විනාඩි  10 හොදින් අනා ගන්න .මෙය තෙත රෙදි කඩකින්  වසා තවත්  විනාඩි  10 ක් තබා පිටි ඉස ගත් ලෑල්ලක  තබා නැවත  හොදින්  අනා ගෙන කුඩා ගනකම්  නොවන රවුම්  සාදා ගන්න .      
දැන් මේ  රවුම් කුඩා  තෙල්  ටිකක්  ගා ගත්  ඇලුමිනියම්  ස්පන්චි කප් එක ඇතුලට  දමා ඒහැඩය ට ඩෝ එක සාදා ගන්න .( ජායාරූපයේ පෙනෙන  පරිදි )අවශ්‍ය පමණ සාදා  ගෙන ප්‍රී හීට්  කර ගත් අවන්  එකක 180c'  විනාඩි  10 බේක්  කරන්න .යාන්තමට  රන්වන්  පාට  වෙද්දි  අවන්  එකෙන්  ඉවත්  කර නිවෙන්නට  තබන්න .දැන්  කප් එක සාදා  අවසානයි .ඔබට අවශ්‍ය  රසවත්  අතුරුපසක්  පුරවා ගත හැකිය .
10:34 PM Administrator

ඩාක් චොක්ලට්  කේක්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පාන් පිටි  කප්   2/3
  • කොකෝවා පවුඩර්   1/3
  • සීනි  2/3
  • බේකින්  සෝඩා  තේහැදි   3/4
  • බේකින්  පවුඩර්  ඉතේහැදි   3/4
  • ලුණු  චුට්ටක්
  • බිත්තර  1
  • කිරි කප්  1/4
  • තෙල්  මේස හැදි 3 (මම  දැම්මේ  පොල්  තෙල් )
  • වැනිලා  තේහැදි  1/2
  • (මම  ගත්තෙ  පොඩි  කේක්  එකක ප්‍රමානයන්. ඔයාලට  පුලුවන්  වැඩි කර ගන්න)

සාදන  ක්‍රමය :

සීනි  වලට බිත්තරය දමා හොදින්  මිශ්‍ර  කරන්න.මේකට බීටර්  එකක්  අවශ්‍ය  නෑ.විස්ක් අතින් මිශ්‍ර කරන්න. තෙල්  දමා ගන්න.කිරි ,වැනිලා,ලුණු දමා හොදට මිශ්‍ර කරන්න. පිටි වලට කොකෝවා පවුඩර්, බේකින්  සෝඩා, බේකින් පවුඩර් දමා හලාගෙන එය මිශ්‍රණයට ටික ටික එකතු කරන්න. ට්‍රේ එකක් ගෙන බටර් තවරා ගන්න. දැන් අවන් එක 180 c ප්‍රි හීට් කර ගන්න. විනාඩි 30, 35 බේක් කර නිවා ගන්න. දැන්  තමන්  කැමති  හැඩ කපා කේක් එක මත තබන්න. ඉන් පසු ඊට උඩින් අයිසින්  ශුගර් හලා ගන්න. දැන්  පරිස්සමින් අර හැඩ ටික  ඉවත්  කරන්න. ඔන්න ඉතින්  "ස්නෝවයිට් ඩාක් චොක්ලට් " එක සූදානම්  නත්තල සමරන්නට.

6:40 PM Administrator

December 16, 2016

පාන්,පේස්ට්‍ර්

අවශ්‍ය  වෙන්නේ:                                   
  • පාන්  පිටි 500 g                                           
  • බටර්  30 g                                                      
  • බිත්තර  1                                                      
  • ලුනු චුට්ටක්                                                       
  • සීනි  50 g                                                         
  • කිරි  පිටි තේහැදි  2                                     
  • යීස්ට් තේහැදි  1                                                
  • මද උනුසුම්  වතුර  ටී කප්  ,3/4 ,1 (එකයි  තුන් කාලක්) 

 සාදන  ක්‍රමය:

මුලින්ම මද උනුසුම් වතුර  කප් 3/4  ගෙන එයට  ඊස්ට්  හා සීනි  දමා  හොඳින්  දිය  කර පිපෙන්නට තබන්න .  පාන් පිටි  ටික හොදට  අනා ගන්න ඉඩ තියන ලෑල්ලක් හෝ බාජනයක්  ගන්න .පිටි  ටිකට ලුනු හා කිරි  පිටි  දමා  හොදින්  මිශ්‍ර  කරන්න .එය මැද වලක් සාදන්න. ඉන් පසු එයට  දිය  කර  ගත්  යීස්ට්   ටික දමා  හොදින්  අනන්න .බටර්  ටිකද එකතු  කරන්න . ඉතිරි  වතුර  ද  ටික  ටික දමා විනාඩි  15 හොඳින්  අනන්න .දැන්  මෙය තෙත  රෙදි කඩකින්  වසා පැයක්  පිපෙන්නට  තබන්න . 

ඉන් පසු  පිටි  මෝලිය දෙගුණයක්  විශාල වී තිබෙනු පෙනේ.නැවත   හොඳින්  අනා ගන්න .අවශ්‍ය  ප්‍රමාණයට බෝල  සාදා  (බෝල  10, 12 ක් සෑදිය  හැක.) මෙයද විනාඩි  10 වසා තබා ඔයිල්  පේපර්  එකක් දමා  ගත් ට්‍රේ  එකකට පිටි  ටිකක් ඉස ඒමතට සාදා  ගත් මාලු  පාන්, පේස්ට්‍ර් ,කිබුල  බනිස් ,බර්ගර්  බන් ආදී කෑම  වර්ග  උඩින් , බිත්තර කහ මදය බ්‍රශ් එකකින් ආලේප  කරන්න .උඩින් සීනි  හෝ,තල ඇට ඉස ගත හැක.  උශ්නත්වය  190c'  ප්‍රි හීට්  කරගත් අවන්  එකක විනාඩි  15 ,20 බේක්"  කරන්න .උශ්නත්වය  සැරෙන් සැරේ බලන්න .අවන්  වර්ග  එකිනෙකට  වෙනස් වන නිසා.  

පාන් සාදන්නේත් මේ  රෙසිපියටමයි.තැටියේ බටර්  ආලේප කරන්න .වෙලාව පැයක්  පමණ  බේක්"  කරන්න.
11:36 AM Administrator

December 15, 2016

‍අවශ්‍ය  ද්‍රව්‍ය :      
  • පාන්  පිටි කප් 1                                                     
  • හාල්  පිටි කප් 1                                                
  • ලුනු  ස්වල්පයක්                                              
  • වතුර කෝප්ප  1/4   (මදි නම්  වැඩි කර  ගත හැක)

(මේවා හදන්නේ  පාන්  පිටි  දමා ,මම  හාල්  පිටි එකතු  කලේ හාල්  පිටි  ගුනදායක නිසා /දරුවන්ට පෝෂණයක්  ලැබෙන නිසා)                                                 

දැන්  මෙය අතේ නොඇලෙන පදමට අනා පැයක්  පමණ  තෙත රෙදි කඩකින් වසා තබන්න. ඉන් පසු තමන් කැමති  පිරවුමක් සාදා ගන්න.චයිනීස්  අය නම් මේකට මස් වර්ග ,කිම්චි  වගේ දේවල්  තමයි  පිරවුමට  බාවිතා  කරන්නෙ .මම  දැම්මේ  කහ බතල.ලූනු  කොල බටර්  සමග තෙම්පරාදු කරලා.
දැන්  පිටි  මෝලිය  ඉවතට  ගෙන කුඩා බෝල  වලට කඩා ලෑල්ලට  පාන්  පිටි  ටිකක් ඉස ගෙන ,මෙය පැටිස් හදන ආකාරයට මැදට පිරවුම දමා  අතින්  හැඩකර සාදා  මෙය ෆ්‍රිජ්  එකේ උඩ කොටසේ  තබා අවශ්‍ය  වෙලාවට තෙල් වලින් බැද  ගැනීමට හෝ හුමාලයෙන් තම්බා ගෙන  කෑමට  පුලුවන් 
9:50 PM Administrator

December 13, 2016

කොහිල  වලින්  තවත්  රසවත්  කෑමක්  මම  ඔයාලට  ගෙනාවා .ඒ "කොහිල මෝජු " 
 *****අවශ්‍ය  වෙන්නෙ,

  •    කොහිල  අල 3ක්
  •    අමු මිරිස්  කරල් 10
  •    රතු ලූනු ගෙඩි 10,15
  •    විනාකිරි  කෝප්ප  1/2
  •    මිරිස්  කුඩු  මේසහැදි  2
  •    ලුණු අවශ්‍ය  පමණ
  •    කහ  ස්වල්පයක්
  •    බැදීමට  තෙල්  අවශ්‍ය  පමණ
  •    එනසාල්  කරල් 2,3
  •    කුරුදු  පොතු කැබැල්ලක්
  •    රස අනුව  සීනි  දමා  ගන්න .
  •    කරපිංචා  ටිකක්

 සාදන  ක්‍රමය :
කොහිල  දික් අතට සිහින් තීරු  කපා  ගන්න .ලුණු ,කහ අතගා ගැඹුරු  තෙලේ  බැද  ගන්න .ක්‍රිස්පි  ගතියට  එද්දී  ලිපෙන්  බා ගෙන  තෙල්  බේරෙන්න  තබන්න .කරපිංචා බැද  ගන්න .ලූනු හා අමු මිරිස්  උනු ගස්සවා  ගන්න .පැහැය වෙනස්  වෙන්න  පෙර අමු මිරිස්  බාගන්න .දැන්  විනාකිරි  ලිප  තබා  රත්  වෙද්දි එයට  සීනි හා මිරිස්  කුඩු  දමා  ගන්න .දැන්  බැද ගත්  කොහිල ,කරපිංචා,කුරුදු ,එනසාල්   දමා හොදින්  කලවම් කර රස බලා ලිපෙන්  බා ගෙන  නිවෙන්නට  තබා බෝතලයකට  දමා  ගන්න .ගොඩාක්  රසයි මේ කොහිල  මෝජුව.ඔයලත් හදලා මට  රස කියන්නකෝ.
9:35 PM Administrator

December 8, 2016

අවශ්‍ය දෙවල්:
  • පාන් පිටි  450g
  • යිස්ට් තේහැදි  3 ( 15g )
  • මද රස්නේ වතුර  මේසහැදි 10 පමණ
  • මෙල්ටඩ් බටර්  / මාජරින්  25 g
  • ලොකු බිත්තර  1
  • මද රස්නේ කිරි  180 ml
  • ( කිරි දානකොට ටික ටික දමා මිශ්‍ර කර ගන්න )
  • සිනි  50 g  ( රස අනුව දමා ගන්න )
  • ලුණු ටිකක්

මුලින් කප් එකක් අරගෙන එයට යිස්ට් හා පාන් පිටි වලින් මේසහැදි 3 දමා හොදින් කලවම් කර ගන්න .
පසු එයට මද රස්නේ වතුර මේසහැදි 10 ටික ටික දමා හොදට උකුවට මිශ්‍රණයක් හදා ගන්න .( මම එය පික්චර් එකේ දමා තියෙනවා )

පසු මෙසේ හදා ගත් යිස්ට් මිශ්‍රණය විනාඩි 15 පමණ පිපෙන්න තියන්න වසා .
දැන් ඉතිරි පිටි ටික ලොකු බදුනකට දමා එයට සිනි / ලුණු / බිත්තරය / මෙල්ටඩ් බටර් හෝ මාජරින් දමා එයටම හොදින්එර්ඩ් පිපිණු යිස්ට් මිශ්‍රණය දමා කලවම් කර ගන්න .
පසු මද රස්නේ කිරි ටික ටික දමා අතේ ඇලෙන පදමට මිශ්‍රණයක් හදා ගන්න .
දැන් හදා ගත් ඩෝන්ට් මිශ්‍රණය පැයක් තෙත රෙද්දකින් වසා තියා ගන්න .
පැයකට පසු පෙනෙවි ඩෝනට් පිටි මිශ්‍රණය හොදින් පිපිලා තියෙනවා .
පසු ලැල්ලක් මත හොදට පිටි ඉස මේ පිටි මිශ්‍රණය පිටි මතට දමා හොදින් සාමාන්‍ය සයිස් එකට , පිටි ඉස ඉස තුනි කර ගන්න .
පසු ඩෝනට් සයිස් රවුමක් තියා , අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා , එ කපා ගත් රවුම මැදට නැවත පොඩි බෝතලයක මුඩියක් තියා පොඩි රවුමක් කපා ගන්න .
දැන් මෙලෙස හදා ගත් ඩෝනට් නැවත විනාඩි 15 - 20 පිපෙන්න තියා ගන්න .
තාච්චියකට තෙල් දමා රත් වු පසු අඩු ගින්දරේ තෙල් රත් වෙන්න තියා , හදා ගත් ඩෝනට් දමා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න .
පසු බැද ගත් ඩෝනට් වලට ඔයාලාට කැමති විදියට චොකලට් සෝස් හෝ සිනි දමා සරසා ගන්න ...
( මේ පිටි ප්‍රමාණයෙන් ඩොනට්  15 - 20 හදා ගැනිමට පුලුවනි )
10:25 PM Administrator

December 7, 2016

අවශ්‍ය දේ:
  • පාන් පිටි 250g
  • සීනි 200g (කුඩු කරගත්)
  • බිත්තර 1
  • බටර් 25g
  • පොල් කිරි කෝප්පයක් 
  • ලුනු ස්වල්පයක් 
  • ඊස්ට් තේ හැඳි 1/4
  • ආප්පසෝඩා තේ හැදි 1
 සාදන  ආකාරය:

සීනි, බටර්, බිත්තර හොදින් මිශ්‍ර කර එ‍යට පොල්කිරි එකෙන් බාගයක් හා ලුනු එක් කර හොදින් කලවම් කරන්න.ඊටපසු පිටි දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් ඊස්ට්,ආප්පසෝඩා හා ඉතිරි පොල්කිරි දමා හොදින් කලවම් කරන්න.මේ මිශ්‍රණය රාත්‍රියක් පිපෙන්න තියන්න.පසුව තෙල් ටිකක් ගාලා මෆින් ට්‍රේ(කප් කේක් තැටියට හරි දාන්න.) වල දාලා අවන් එක විනාඩි 10ක් ෆී හීට් කරල විනාඩි 10,15ක් 180c උශ්නත්වයේ බේක් කර ගන්න.
11:17 PM Administrator

December 6, 2016

අවශ්‍ය ද්‍රව්‍ය :                                         

  • පාන් පිටි කප් 3                                                     
  • සුදු සීනි කප් 1                                                     
  • දුඹුරු  සීනි කප් 1                                                
  • බටර්  කප් 3/4                                                          
  • බිත්තර  1                                                           
  • බේකින්  පවුඩර්  තේහැදි  1                                    
  • වැනිලා  තේහැදි  1                                                
  • ලුනු තේහැදි  1/2

ක්‍රමය :
මුලින්ම පිටි හා  බේකින්  පවුඩර්  මික්ස්  කරන්න .එයටම  ලුනු  එකතු  කර තබන්න .සීනි  ග්‍රයින්ඩර්  කරගන්න .සීනි බටර් හා බිත්තර  බීට්  කරන්න .දැන්  පිටි  ටික ටික  දමා  හැන්දකින්  කලවම්  කරන්න .මෙවිට යාන්තමට  අතේ ඇලෙන මිශ්‍රණයක් ලැබේ.දැන්  අතින්  හොදට  අනා ගන්න .  එක ලොකු  බෝලයක්  සාදා  ගන්න .  
මීලගට,මෙයින්  කොටසකට මම  චොක්ලට්  චිප්ස්  එකතු  කරා.ඉතිරි  කොටස පේස්ට්‍ර්  ලෑල්ලක හොදට  පිටි  ඉසගෙන කටර් වලින්  බිස්කට්  කපා ගෙන  ඔයිල්  පේපර්  එකකට දමා  ගත්තා .ඊට  පස්සෙ  චොක්ලට්  චිප්ස්  දාපු කොටසත් ඒවගේම  කපා  ගත්තා  විවිධ  හැඩයෙන් .දැන් අවන් එක 170c' උෂ්ණත්වයට ෆ්‍රි හීට්  කරගෙන විනාඩි  20 (වෙලාව වෙනස්  විය හැක.) බේක්  කර ගන්න . 

අන්තර්ජාල  රෙසිපිය  විදියට  හදද්දී  බටර්  වැඩි උනා.මට අයෙ  පිටි  එකතු කරන්න  උනා.වෙලාවට  බිස්කට්  කර වුනේ නෑ .පිටි  මෝලිය  තෙත  වැඩි  නිසා  බිස්කට්  කපාගෙන  ඉවත්  කරන්න  බැරි  වුනා .පස්සෙ  මම  මට  හිතුන විදියට  වෙනස්  කරගෙන  මේවා හැදුවා .ගොඩාක්  රසයි  . හදලා  බලන්න .    
11:56 PM Administrator

December 5, 2016

මුලින්ම  කොල ටික  හොඳින්  සෝදා  වතුර වේලුනාට පසු සිහින්ව  ලියාගන්න. ගාගත්  පොල්  ටිකකට කහ ස්වල්පයක්  , රතු ලූනු ,අමු මිරිස්  කරලක්  දමා සිහින්ව  අඹරා  ගන්න .ලුනු ස්වල්පයක් හා වතුර ඉතා ස්වල්පයක්  දමා අඹරා  ගත් පොල් ටික මුලින්ම  ලිප තබා මැලවෙද්දී එයට ලියා  ගත් කොල  ටික  දමා  ලිපෙන්  බා ගන්න .වැඩි වෙලා කොල දමා මලවන්න එපා.එවිට  පෝෂණ කොටස් විනාශ  වෙනවා.කොල  පාට තිබෙන්නට  මැල්ලුම් ජාති මලවා ගන්න  .නිවුනු  පසු දෙහි ඇඹුල්  ටිකක්  එක් කර ගත හැක.
11:49 PM Administrator

December 4, 2016

ගොටු පිට්ටු

මෙන්න රෙසිපිය..
හාල් පිටි සහ තැම්බූ පාන් පිටි සම සමව ගන්න.එය ලුනු,පිපුම් කාරකයක්, ප්ලම්ස්, කජු,කැමතිනම් සූදුරු, දමා ආප්ප පදමට අනා ගන්න.එය පැය දෙකක් පමන පිපෙන්න තබන්න.පිටි කිලෝ එකකට සාමාන්‍යෙන් පිපුම් කාරක තේ හැදි බාගයක් වගේ දම්මම ඇති.ප්‍රමානය වැඩි උනොත් ඉක්මනින් පිපෙවි.ආප්ප සෝඩා යීස්ට් වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන්.
පිපුන පසු පැනි පොල් සාදා එයට මිශ්‍ර කරන්න. කොස් කොල වලින් හැදූ කුඩා ගොටු වලට මිශ්‍රනයෙන් ටික ටික දමා ස්ටීම් කරන්න
අපි පිටි කිලෝ දෙකකින් මේවා 70 විතර හැදුවා. පිපුම් කාරක නොදා පැය පහක් පමන තිබ්බා.
11:41 PM Administrator

December 3, 2016

 අවශ්‍ය  ද්‍රව්‍ය:                
  • කොහිල අල දෙකක්
  • කැරට් අල 1/2
  • අමු මිරිස්  කරල් 2
  • සිහින්ව කපා ගත් ලොකු ලූනු  ගෙඩි 1
  • මිරිස්  කුඩු  තේ හැදි  1/2                                  
  • කහ කුඩු  ස්වල්පයක්
  • ලුනු  අවශ්‍ය  පමණ
  • තරමක අල ගෙඩියක්  තම්බා පොඩි  කර ගන්න
  • තුනපහ  කුඩු  තේහැදි  1/2
  • බැදීමට  තෙල්  අවශ්‍ය  පමණ
  • සිහින්ව  කපා ගත් කරපිංචා  කොල  කිහිපයක්
  • ලියා ගත් උම්බලකඩ  මේස හැන්දක්
  • ලොකු  ලූනු  ගෙඩියක්  සිහින්ව  ලියා  ගන්න
  • පාන්  පිටි  ටිකක්  ,බිස්කට්  කුඩු  ටිකක්
  • බිත්තර 2 බීට්  කරගන්න

සාදන ආකාරය :                               
කොහිල  අල  පොතු  හැර සෝදා කොටු ආකාරයට   කුඩා කැබලි  කපා ගන්න .  . ලුනු  කුඩු ,කහ කුඩු  දමා ගැඹුරු  තෙලේ  බැද  ගන්න .  තෙල්මේස හැන්දක්  පමණ ලිප  තබා එයට ,  කපා ලොකු ලූන ,.කරපිංචා,උම්බලකඩ ,තුනපහ  කුඩු ,,තම්බා  පොඩි කර ගත් අල ,බැද  ගත් කොහිල දමා තෙම්පරාදු  කර  ගන්න .ලුනු  අවශ්‍ය  පමණ  දමා ලිපෙන්  බා ගන්න . දැන් නිවුනු  පසු කුඩා බෝල  සාදා මෙය පාන්  පිටිවල දවටා,බිත්තර  සාරු වල දවටා , බිස්කට් කුඩු ,දවටන්න . .මෙය දෙපාරක්  ඒලෙසට දවටා ගෙන ගැඹුරු  තෙලේ  බැද  ගන්න .   මෙය  නොකන අයට  මේවිදියට  සාදා  දුන් විට රස කර කර කනවා නොඅනුමානයි .  දානයකට  නම් උම්බලකඩ  එක් කර නොගැනීමෙන්  නිර්මාංශ  ආහාරයක්  ලෙසද සකස්  කර ගත හැක.  හැමදාම  කන කොහිල  වෙනස්  විදියකට  සාදා  රස බලන්න .ටිකක්  විතර  මහන්සයී  උනාට  කොහිල  නොකන අයට  කොහිල කවන්න  .ඔන්න  මම   දෙවැනි මැජික්  එකත්  ගෙනාවා.
11:23 PM Administrator