June 8, 2017

Posted by Administrator on 1:06 AM


 
 
 


  

හදා ගන්න හරිම ලේසියි මුලින්ම මේකට
  • බලයා,කෙලවල්ලන්,තලපත් මාලු  500 g
  • කහ කුඩු තේහැදි 1/2
  • ගම්මිරිස් කුඩු  තේහැදි 2
  • ලුණු අවශ්‍ය පමණ
  • ගොරකා පේස්ට්‍ මේසහැදි 1
  • කරපිංචා ,රම්පෙ හා අමු කුරුදු කොල කිහිපයක්
  • බැදීමට අවශ්‍ය පමණ  තෙල්

හදන්නෙ මෙහෙමයි
මුලින්ම මාලු සෝදා වතුර බේරෙන්නට තබන්න .ඉන් පසු එය බාජනයකට දමා එයට ලුනු කුඩු ,කහ හා ගම්මිරිස් කුඩු තේහැදි 1 දමා හොදට කලවම්  කර ගැඹුරු තෙලේ බැද  ගන්න  මේ අතර  මැටි බාජනයක් ගෙන එහි යටට අමු කුරුදු කොල ටික අතුරා ගන්න  කුරුදු කොල නැත්නම් කෙසෙල් කොලයක් උනත් කමක් නෑ .දැන් බැද ගත් මාලු ටික කිචන් ටවල් එකකට දමා තෙල් බේරෙන්නට තබන්න .ඉන් පසු ගොරකා පේස්ට්‍ එකට ඉතිරි ගම්මිරිස් තේහැදි 1 දමා එයට වතුර කෝප්ප කාලක් දමා දිය කර ගන්න මාලු කැබලි ටික එයට දමා හොදට මික්ස් කරගන්න .

දැන් සූදානම් කරගත් මැටි ඇතිලිය ගෙන ලී හැන්දකින් මාලු කැබලි ටික කුරුදු කොල ටික උඩින් අතුරා ගන්න  ඊට උඩින් රම්පේ ,කරපිංචා දමා ගොරකා ගම්මිරිස් ඉස්ම ටික මාලු ටික උඩින්  වක්කරන්න.දැන් අඩුම ගින්දරේ පියනකින් වසා මෙය ඉස්ම හිදෙන තෙක් උයා ගන්න  ලිපෙන් බාගෙන පියන ඉවත් කර නිවා ගෙන ජීවානු හරනය කල බෝතලයකට දමා ගන්න ,මෙය පාවිච්චියට ගැනීමේදී වියලි හැන්දක් භාවිතා කරන්න  අමතක කරන්න  එපා 

දුර ගමනක් යනවිට මේ විදියට හදා ගත් මාලු ඇඹුල් තියල් එකක වටිනාකක්ම කියන්න බෑ .නරක්  නොවී දවස් 3 විතර උනත්  තියා ගන්න  පුලුවන් .මම ඊට වඩා තියල බලල නෑ  ඔයාල හදලා  බලන්නකෝ