July 30, 2016

Posted by Administrator on 5:09 PM
චොක්ලට් ඇන්ඩ් වැනිලා ස්විස් රෝල්
අවශ්‍ය  ද්‍රව්‍ය :
4 බිත්තර
120g සීනි
100g පිටි
10g බේකින් පවුඩර්
20g චොකලට් පවුඩර්
වැනිලා  තේ හැදි 1                                                                                     
පලමුව පිටි වලට බේකින් පවුඩර් දමා හලාගන්න.
බිත්තර සහ සීනි එකට දමා  බීට් කරන්න,විනාඩි 5/6 ඉන්  පසු මෙයට පිටි ටික ටික එකතු කර හොදින්  කලවම් කරන්න . .මෙයින් මේස  හැදි  3 පමණ  ගෙන  එයට චොකලට්  පවුඩර්  එකතු කර  හොදින්  මිශ්‍ර කරන්න .ඉතිරි  කොටසට දැන් වැනිලා  මිශ්‍ර කරන්න .ට්‍රේ  එකකට ඔයිල්  පේපර්  එකක් දමා මුලින්ම  වැනිලා  එක් කල මිශ්‍රණය දමා  හොඳින්  තුනී කර ඊට  උඩින්  චොකලට්  කොටස් තැනින්  තැන හැන්දකින් තබන්න. 190c' උශ්නත්වය  සැකසූ අවන් එකක විනාඩි
20 ක් බේක් කරන්න .නිවුනු  පසු ඔයිල්  පේපර්  එක ගලවා අනෙක් පැත්ත  හරවා මෙය ලන්ච් ශීට් එකක් උඩින් තබා තමන් කැමති අය්සින් එකක් මැදට  දමා  රෝල් කර ලන්ච්  ශීට්  එකේම තබා දෙපස රබර් බෑන්ඩ් 2ක් දමා  තද කර ෆ්‍රිජ් එකේ දමා  සිසිල් වූ පසු ස්විස්  රෝල්  වල රස බලන්න .
(චොකලට්  අයිසින් ,බටර්  අයිසින් මැදට  දමා  ගත හැක.මම  දැම්මේ  චොකලට්  අයිසින් .)
 
Categories: