July 7, 2016

Posted by Administrator on 9:09 AM



යාලුවනේ ,හදමුද කැරමල්  පුඩිම්,  
අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පොඩි  මිල්ක් මේඩ් ටින් 1,
  • සීනි 100g ,
  • බිත්තර 6 ,
  • වැනිලා  තේ  හැදි 2 , 
  • ලුනු  ස්වල්පයක් ,
  • කැරමල්  සදහා  සීනි  50g ,
  • වතුර  කිරි  ටින් 1/2,                  
සාදන  ක්‍රමය :
මුලින්ම  බාජනයක්  ලිප  තබා සීනි  50g දමා  කැරමල්  සාදා  ගෙන බටර්  තවරා ගත් තටියක අඩියට කැරමල්  ටික  දමා හොඳින් නිවෙන්නට  තබන්න .වෙනත් බාජනයක්  ගෙන. බිත්තර  හා සීනි  බීට් කරන්න .එයටම මිල්ක් මේඩ්  සහ වතුර ද එකතු  කර  බීට්  කරන්න .වැනිලා ,සහ ලුනු ස්වල්පයක්  එකතු කර  බීට්  කර,  කැරමල්  දාගත් තැටියට මිශ්‍රණය  දාගන්න.

අවන් එකේ උශ්නත්වය 180c' සකස් කර , අවන් එකේ  ට්‍රේ එකට වතුර  දමා ,විනාඩි 10ක් රත් කර  ,සකසා  ගත් පුඩිම්  මිශ්‍රණය වතුර දැමූ ට්‍රේ එකතුල බස්සා ගෙන පැයක්  පමණ  බේක්  කර  ගන්න.

ඉන්  පසු පුඩිම අනෙක් පැත්ත හරවා හොදින්  නිවෙන්නට  තබන්න .ඉන්  පසු  ප්‍රිජ්  එකේ පැය 2 පමණ  සිසිල්  වූ පසු  ඔබට  රසවත්  පුඩිමක් අතුරු පසට එක් කර ගත හැකිය.
Categories: