July 2, 2016

Posted by Administrator on 6:07 PM
අවශ්‍ය  ද්‍රව්‍ය :
  • Gelatin 30g, 
  • සීනි  500g,
  • vanilla 1 tsp,
  • කැමැති  කලරින්  වර්ගයක්,
  • වතුර  කෝප්ප 1 1/2  ක්,
  • දැවටමට කෝන් ෆ්ලා හෝ icing sugar,

සාදන  ක්‍රමය:

මුලින්ම වතුර ටික කොටස් 2 බෙදා  ගන්න.එක කොටසකට  ජෙලටින් දමා  පෙගෙන්නට  තබන්න .ඉතිරි  කොටසට  සීනි  ටික  දමා  ලිප  තබා  උනු කරන්න.සීනි බුබුළු දාගෙන උනු වෙද්දී එයට ජෙලටින්  ටික එකතු කරන්න.තව මිනිත්තු  2 විතර  උනු කර  ලිපෙන්  බා ගන්න.ඉන්  පසු  high-speed එකෙන් මේ  මිශ්‍රණය  රස්නෙ පිටින් ම beat කරන්න .සුදු පාටට ගන මිශ්‍රණය ක් සෑදේ.vanilla  එක් කර නැවත beat කරන්න .බටර්   ගා ගත් තැටියක මේ මිශ්‍රණයෙන් බාගයක්  දමා ඉතිරි ටිකට කලරින්  දමා .කලින්  මිශ්‍රණයට  එකතු කර පැය 3,4 ක් ප්‍රිජ් එකේ දමා icing සීනි  වල  දවටා කෑලි  කපා ගන්න.
හරිම රසවත් .ගෙදර  හදාපු  මාශ්මෙලෝස්.
Categories: