July 7, 2016

Posted by Administrator on 8:57 AM
යාලුවනේ ,පැනි වලලුවක් කාලා  ප්ලේන්ටියක් බොමුද?                                                                                                                                               
අවශ්‍ය වෙනවා :
  • උදු හුන්ඩු 1,
  • සුදු  කැකුලු හාල් හුන්ඩු  1 1/2 ,
  • ලුනු ස්වල්පයක්, 
  • පැනි බෝතල් 1/2 (සීනි  ගන්නවා නම්  සීනි 500 g ),
  • බැදීමට  අවශ්‍ය  පමණ  පොල්  තෙල්,
සාදන  ආකාරය :
උදු සහ හාල් වෙන වෙනම  වතුර  දමා  වරුවක් පමන (උදේ  සාදන  වා නම් රාත්‍රී  පෙගෙන්නට  තබන්න .සවස  සාදනවා නම්  උදේ  වරුවේ පෙගෙන්නට  තබන්න ) ඉන් පසු සෝදා  මේ දෙවර්ගයෙන්ම ටික ටික  දමා  වතුර  ස්වල්පයක් ද එක් කොට ග්‍රය්න්ඩර් එකෙන්  අබරා  ගන්න.මෙහිදි ගනකම්  මිශ්‍රණයක් ලැබේ .එයට  ලුනු  ස්වල්පයක්  එකතු  කර  මෙය පසෙකින්  තබන්න. 

ඉන්  පසු  පැනි  ටික උනු කර  එය තරමක්  නිවෙන්නට  තබන්න . දැන්  සාදා  ගත්  මිශ්‍රණය  පිරිසිදු රෙදි  කැබැල්ලක්  ගෙන එහි  හරි මැද පුංචි  සිදුරක් සාදා ගන්න .එසේ නැති  නම් ඔයාලා  ලග පයිපින් බෑග් එකක්  තියෙනවා  නම්  වඩාත්  සුදුසය්.ඉන්  පසු  තෙල්  ලිප තබා පයිපින්  බෑග්  එකට මේ  මිශ්‍රණය   දමා  ගන්න ,තෙල්  රත් වූ පසු  පැනි  වලලුවක් ආකාරයට මේ  ගැබුරු තෙලට මිශ්‍රණය  වක් කරන්න . දෙපැත්ත  රන් වන් පාටට බැදුනු පසු එය පැනි  මුට්ටියට දමා  ඊලඟ  එක බැදෙන තෙක් පැනි  උරා ගන්නට තබා  පසව වෙන බාජනයකට  ඉවත්  කරන්න.

මේ  විදියට  තමය්‍ මම  පැනි   වලලු  හදා  ගත්තෙ. මම  කවදාවත්  මේවා  හදනවා.දැකලා  තිබුණේ  නෑ.මම  යාලුවෙකුගේ අම්ම  කෙනෙකුගෙන්  අහගෙන  තමය්  හැදුවෙ .පල්වෙනි දවසෙම හොදට  හැදුවා .දැන්  මම නෑදෑ ගමන් යන්නත් හදා ගෙන යනවා.මට මේක  හදන්න.කියල  දීපු පුබුදු ගෙ අම්මාට ගොඩක්  ස්තූතියි.
Categories: