January 19, 2017

Posted by Administrator on 8:12 PM




සෙමොලිනා කේක්

  • රුලං කප් 2
  • බිත්තර 4
  • සීනි කප් 1
  • බටර් කප් 1
  • ඩෙසිකේටඩ් කොකන්ට් කප් 1
  • (ගා ගත් පොල් කප් 1 පෑන් එකක දමා ෆ්‍රයි කර ගන්න )
  • බේකින්  පවුඩර් තේහැදි  1
  • ආමන්ඩ් එසන්ස්  තේහැදි  1
  • කපා ගත්කජු,ආමන්ඩ්  ඇට මේසහැදි  2
  • චෙරි මේසහැදි 1
  • ලුණු චුට්ටක්
  • කිරි මේසහැදි  4

සාදන  ක්‍රමය :

සීනි ,බටර්  බීට්  කරන්න .බිත්තර දමා  බීට් කරන්න .රුලං වලට  බේකින් පවුඩර්, ලුණු   මිශ්‍ර  කරන්න .බීට් කරගත්  මිශ්‍රණයට පොල් හා රුලං  එකතු කරන්න .දැන්  බීට් කරන්න  අවශ්‍ය  නෑ හැන්දකින් මිශ්‍ර  කරන්න .ආමන්ඩ්  එසන්ස් ,කිරි එකතු  කරන්න .චෙරි හා නට්ස් රුලං ටිකකින් දවටා  ගන්න. එයද එකතු කර හොදින්   මිශ්‍ර  කරන්න .තෙත ගතිය මදි නම් තව කිරි  මේසහැදි 1 එකතු  කරන්න  පුලුවන් . අවන්  එක ප්‍රි හීට් කර 180 උශ්නත්වය සකසා විනාඩි 30 - 40 බේක්  කර ගන්න .

මේක  සාම්ප්‍රදායික  ඉන්දීය කේක්  එකක්  බව අන්තර්ජාලයේ තොරතුරු  සදහන්  උනා.එයාල  මේකට රෝස් වෝටර් දාලා  හදන්නෙ කියා තිබුනා .මම මේක අපට පුරුදු  රසයකින්  රෙසිපිය නිර්මාණය  කලා.හරිම සොෆ්ට් මේ කේක්  එක.ඔන්න පුලුවන්  දැන්  හදලා  රස බලන්න .