January 4, 2017

Posted by Administrator on 6:47 PM




  • මුරුන්ගා  250g
  • නිවිති  අහුරක්
  • මිටි කිරි හා දිය  කිරි  කෝප්ප  1 බැගින්   අමු මිරිස්  කරල් 2 
  • රතු ලූනු හා සුදු  ලූනු ගෙඩි 4 බැගින්
  • කුරුදු  පොතු කැබැල්ලක්
  • තුනපහ  කුඩු තේහැදි  1
  • මිරිස්  කුඩු  තේහැදි  1
  • ලුණු හා කහ අවශ්‍ය  පමණ
  • රම්පේ .කරපිංචා  ටිකක්
  • තක්කාලි ගෙඩි 1

සාදන  ක්‍රමය :
මුරුන්ගා  සුද්ද කර කුඩා කැබලි  වලට කපා කහ,ලුණු සහ වතුර  දමා  තැම්බෙන්නට තබන්න .වතුර  හිදීගෙන එද්දී ,එයට  කපාගත් අමුමිරිස් ,තුනපහ  කුඩු  තේහැදි  1,මිරිස්  කුඩු  තේ හැන්දක් ,කුරුදු  පොතු කැබැල්ලක් ,අමු  මිරිස්  කරල් 2, රතු ලූනු හා සුදු ලූනු  අවශ්‍ය  පමන කපා දමා  දිය  කිරි  ටිකක්  දමා  හිදී ගෙන  එද්දී ,මිටි කිරි ,තක්කාලි  ගෙඩියක්  කපා දමා  ,එයට නිවිති  අහුරක් කපාදමන්න .රම්පේ ,කරපිංචා , එකතු කර ලිපෙන්  බා ගන්න .කිරි  කැටි ගොගැසෙන්න ටික වෙලාවක්  හැදිගාන්න.

Categories: , , ,