November 22, 2016

Posted by Administrator on 7:08 AM








කොහිල  කියන්නෙ  කිසිම රසායනික  පොහොරක්  බාවිතා  නොකර ජලය ආශ්‍රිතව  වැවෙන  ඉතාම  ගුනදායක ආහාරයක් ,මගේ ගෙදරත්  පුංචි  කොහිල  වලක් තියනවා .මගේ දරුවන්ට  හැකි සෑම   විටම අල,දලු,වෙනස්,වෙනස් ආකාරයෙන් මම  උයල දෙනවා.ඉතින්  මට හිතුනා ඒ කොහිල  වලින්  මම  උපරිම  ප්‍රයෝජන  ගන්න  ඕන  කියල .ඉදිරියට මේ කොහිල  හදන විදි කිහිපයක්ම මම  ඔයාලට ඉදිරිපත්  කරන්න   ඕන  කියල  හිතුවා.මේ  අද ගෙනාපු  "කොහිල  බෝල්ස්  කිරට "   රෙසිපිය  තමයි  මේ ,                            

කොහිල  බෝල සෑදීමට  අවශ්‍ය  ද්‍රව්‍ය  :                                                
  • කොහිල අල දෙකක්                                                  
  • සිහින්ව කපා ගත් ලොකු ලූනු  ගෙඩි 1                                             
  • චොප්  කර ගත්  සුදු ලූනු  ගෙඩි 1     
  • මිරිස්  කුඩු  තේ හැදි  1/2                                 
  • කහ  කුඩු ස්වල්පයක්                                                
  • ලුනු  අවශ්‍ය  පමණ                                        
  • අබ තේහැදි  1/4                                                
  • චොප්  කර ගත් සුදු ලූනු  ගෙඩි 1                                                
  • තරමක  අල ගෙඩියක්  තම්බා පොඩි  කර ගන්න .                                       
  • තුනපහ  කුඩු  තේහැදි  1/2                                                                                                
  • බැදීමට  තෙල්  අවශ්‍ය  පමණ         
  • සිහින්ව  කපා ගත් කරපිංචා  කොල  කිහිපයක්                                         
  • ලියා ගත් උම්බලකඩ  මේස හැන්දක්  
  • පාන්  පිටි  ටිකක්                 
සාදන ආකාරය :                                           
කොහිල  අල  පොතු  හැර සෝදා  කුඩා කැබලි  කපා ,වංගෙඩියකින් හෝ ග්‍රයින්ඩර්  එකකින් කොටා ගන්න . ලුනු  කුඩු ,කහ කුඩු  දමා  පසෙකින්  තබන්න .  තෙල්මේස හැන්දක්  පමණ ලිප  තබා එයට , අබ ටික දමා  පුපුරද්දී කපා ගත් සුදු  ලූනු , ලොකු  ලූනු දමා ගන්න . කරපිංචා ,  උම්බලකඩ ,තුනපහ  කුඩු ,,තම්බා  පොඩි කර ගත් අල ,කොටා  ගත් කොහිල  දමා තෙම්පරාදු  කර  ගන්න .ලුනු  අවශ්‍ය  පමණ  දමා ලිපෙන්  බා ගන්න . 

දැන් නිවුනු  පසු කුඩා බෝල  සාදා මෙය පාන්  පිටිවල දවටා ගැඹුරු  තෙලේ  බැද  ගන්න . දැන්  කොහිල  බෝල්ස් සාදා  අවසානයි.
ඉන් පසු සාමාන්‍ය  කිරි හොදි සාදන  ආකාරයටම කිරි  හොද්දක් සාදා  එය හොදින් නටාගෙන  එද්දී   සාදා  ගත් බෝල  ටික එයට දමා  ලිපෙන්  බා ගන්න .දෙහි ඇබුල් චුට්ටක්  දමා හැන්දෙන්  හැදි  නොගා හට්ටිය සොලවන්න.මෙය රස්නෙ පිටම ආහාරයට  එක් කර ගැනීම වඩා සුදුසුය.ඉතාම  රසවත් ව්‍යංජනයකි .දානයකට  නම් උම්බලකඩ  එක් කර නොගැනීමෙන්  නිර්මාංශ  ආහාරයක්  ලෙසද සකස්  කර ගත හැක.                                                                
 හැමදාම  කන කොහිල  වෙනස්  විදියකට  සාදා  රස බලන්න .ටිකක්  විතර  මහන්සයී  උනාට  කොහිල  නොකන අයට  කොහිල  කවන්න.