November 17, 2016

Posted by Administrator on 12:26 AM


කොස් ගෙඩියක්  ලැබුනා,හැබැයි  හොදට  පැහිලා නෑ .ඒකෙන් හැදුවා  කොස් මැල්ලුමක් .හොදට  රසයි .කොස් ටික පොඩියට  කපා ගෙන ඒකට වතුර  ටිකක් දාලා ,කහ,මිරිස් ,ලුනු  දාලා  තැම්බෙද්දි ,පොල් වලට අබ,ගම්මිරිස් ,සුදු  ලූනු ,රතු  ලූනු,කුරුදු  පොතු කැබැල්ලක් අඹරලා කොස් වලට කලවම්  කලා.රම්පෙ ,කරපිංචා  දාලා පොල් ටික  මැලවෙද්දී ලිපෙන්  බා ගත්තා .කොස්පැහිලා  නෑ  කියල  හොයන්නත්  බෑ.