November 16, 2016

Posted by Administrator on 10:44 PM
     

                                 




  • මිල්ක් මේඩ් පොඩි  ටින්  1                           
  • සීනි  මේස හැදි  2                                                
  • චොක්ලට්  පවුඩර්  තේ හැදි  2                                   
  • වතුර  ස්වල්පයක්                                               
  • බිත්තර  2                                                       
  • විප් ක්‍රීම්  මේස හැදි  1                                       
  • වැනිලා  තේ හැදි  1                                                  
  • අයිසින්  සීනි  මේස හැදි  1                  
  • ෆ්‍රෙශ්  මිල්ක්  කප්  1          
හදන්නෙ  මෙහෙමයි                                  
මුලින්ම සීනි මේස හැදි  1 ක් කැරමල්  කර රවුම්  තැටියකට දමා ගන්න .වතුර  ස්වල්පයක්   ලිප  තබා එයට චොක්ලට්  පවුඩර්  ටික හා ඉතිරි  සීනි  හැදි  1 දමා හොඳින්  උනුකර චොක්ලට්  සෝස්  එක සාදා ගන්න .මෙය කැරමල්  දා ගත් ට්‍රේ  එකටම දමා ෆ්‍රිජ්  එකට දාන්න .                
දැන්  මිල්ක්  මේඩ් හා බිත්තර  කහමද ,ෆ්‍රෙශ්  මිල්ක් ලිප  තබා උනු කරන්න .යාන්තම්  ගන වේගෙන  එද්දී  ලිපෙන්  බා ගන්න .දැන්  බිත්තර සුදු  මද  හොඳින්  බීට්  කර වැනිලා  එක් කරන්න .මෙයට අයිසින්  සීනි  එකතු  කර බීට්  කරන්න .විප් ක්‍රීම්  එකතු  කර  බීට්  කරන්න .ඉන් පසු කලින්  සාදා  ගත් මිල්ක් මේඩ් මිශ්‍රණය  මෙයට හැන්දකින්  හොදට  මිශ්‍ර කරන්න  .ඉන් පසු කැරමල්  දා ගත් ට්‍රේ  එකට මේ මිශ්‍රණය  දා ගන්න .ඉන් පසු පැය  5 ක් වත් ෆ්‍රිජ්  එකේ උඩ කොටසේ  තබා කෑමට ගැනීමේදී  චොක්ලට්  සෝස්  ටිකක්  උඩින්  දමා අලංකාර  කර ගන්න .(ඉහතින් සදහන් කලා .සාදන  ආකාරය ) ඉතා රසවත්  අතුරුපසක්.

මම හැදුවේ  පළමු වතාවටයි .මෙය උපුටා  ගැනීමේදී  ප්‍රමානයන් සදහන්  උනේ නෑ .මම  මේ සියල්ල  සකසා ගෙනයි හැදුවේ .එකින් එක මතක්  කරගෙන මේ රෙසිපිය  නිර්මාණය  කරන්න  වෙලාවක් ගත වෙනවා.ඒක  නිසා  ඉක්මනින්  රෙසිපිය  දාන්න  බැරිවෙනව .ඔයාලත්  හදලා  බලන්න .මේක  අයිස්ක්‍රීම්  එකක් වගේ.