November 30, 2016

Posted by Administrator on 11:46 PM

 



මේකෙනුත් ටිකක්  අරගන්න ලන්ච් එකට."මුරුන්ගා කොල  දාපු ඉස්සො  කරිය" මම  නම් වෙන දෙයක්  හදන්නෙ නෑ .මේකට බාස්මතී රයිස්  එකක්  හොදටම  ඇති

මෙන්න  රෙසිපිය
  • හිස ඉවත්  කර හොදින් සෝදා  ගත් ඉස්සන්  200g
  • මුරුන්ගා  කොල  ටිකක්
  • ලියා ගත් ලොකු  ලූනු  ගෙඩි 1
  • සිහින්ව  ලියා  ගත් සුදු  ලූනු   ගෙඩි 3
  • අමු මිරිස්  කරල් 2
  • තක්කාලි  ගෙඩි 1
  • මිටි කිරි  හා දිය  කිරි  කෝප්ප 1 බැගින්
  • අබ තේ හැන්දක්                                                                       
  • ලුනු කුඩු ,මිරිස්  කුඩු  හා තුනපහ  කුඩු රස අනුව                                       
  • කහ ස්වල්පයක්                          
  • කුරුදු  පොතු කැබැල්ලක්
  • තෙල් මේස හැන්දක්
සාදන  ආකාරය 
පෑන් එකක්  ලිප තබා තෙල් ටික රත් වෙද්දී  එයට සුදු  ලූනු  ,අබ .ලොකු  ලූනු හා ඉස්සන්  එකතු කර බැද ගන්න .මෙයට මිරිස්  ඇතුළු  අනෙකුන්  කලමනා ටිකද එකතු  කර ( තක්කාලි ,මුරුන්ගා  කොල හැර) දිය  කිරි  කෝප්ප  1 දමා   මද  ගින්නේ උයා ගන්න .දිය  කිරි  හිදෙද්දි මිටි කිරි  දමා ටික වෙලාවක්  උයා ගන්න .අවසානයේ  තක්කාලි ,මුරුන්ගා  කොල , රම්පේ ,කරපිංචා  එකතු  කර, ලුනු  බලා ලිපෙන්  බා ගන්න .මෙයට ඇත්තටම  වෙනත්  කරි අවශ්‍ය  නෑ .සුදු සම්බා.බාස්මතී  බත්  සමග  රස  විදින්න .