June 30, 2016

Posted by Administrator on 10:45 PM

  






  • පොඩියට  කපාගත් කැරට්  අලයක්,
  • ලීක්ස් ගහක්,
  • ලොකු ලූනු  ගෙඩියක් ,
  • සුදු ලූනු ගෙඩි 3,
  • අමු මිරිස් කරල් 3,
  • එන්සාල්  කරල් 2,
  • ගම්මිරිස්  ස්වල්පයක් ,
  • ලුනු  අවශ් ,
  • පමණ ,උම්බලකඩ  ටිකක් ,
  • රතු පට මිරිස් කරල් 3 කුත්  දැම්මා ,
  • ඉගුරු ස්වල්පයක් ,
  • හොඳින් පැසුනු දෙල් ගෙඩියක්,
ඔන්න   මම  recipe ය ගෙනාවා.මුලින්ම  කියන්න ඕන අද  දවල්ට  දෙල්  උයන්න හිතිල ගෙඩියක්  කඩන් ආවා.ඒත් හැමදාම  උයනවිදියට නැතව වෙනස් විදියකට  උයන්න  ඕන  කියල  හිතලා  මෙහෙම හැදුවෙ .

දෙල් කුඩාවට කපා තම්බා පොඩි කර ගන්න.ලූනු ,අමු මිරිස්,සුදු ලූනු  ,ඉගුරු  චොප් කරගන්න.ඉන් පසු තෙල් ලිප තබා මුලින්ම සුදු ලූනු,ඉගුරු,දමා බැදීගෙන එද්දි .අනෙක් ද්‍රව්‍යත් එකතු කර ගන්න.අවසානයට තම්බා පොඩි කර  ගත් දෙල්  එකතු කරගන්න. නිඋනු පසු බෝල සාදා  ගන්න .හොදට  මතක  තබා  ගන්න.වෙන කට්ලට්  වර්ග වගේ  නෙවි. මේවා ගොඩක්  අතේ ඇලෙන්න බලනවා.ඒ නිසා තෙල් ටිකක් අතේ ගල්වා ගන්න.              
දැන්  මෙය බැදීමට බැටර් එක සාදා  ගන්න.  
අවශ්‍ය  වෙන්නේ          
  • බිත්තර  1,
  • බිස්කට්  කුඩු අවශ්‍ය  පමන,
  • පාන් පිටි 100g,(ප්‍රමනය අනුව වෙනස් වේ),
  • කහ කුඩු ටිකක් ,
  • ලුණු  අවශ්‍ය  පමන,
මේවා සියල්ල හොඳින්   mix කර  ගනකම් බැටර්  එකක් සාදා  දෙල්  බෝල  බැටර්  එකේ ගිල්වා බිස්කට්  කුඩු  වල දවටා රන්වන් පාට  වෙන තෙක් ගැඹුරු තෙලේ  බැද ගන්න.

Categories: