June 30, 2016

Posted by Administrator on 10:57 PM

මම යෝගට් හැදුවා  යාලුවනේ ,හරිම  රසයි. හදන්නෙ  මෙහෙමයි.                                                              අවශ්‍ය වෙන්න :                                             

    අඹේවෙල  fresh  milk  1 L,
    සීනි  50 g, 
    ජෙලටින්  තේ හැදි  2 1/2,
    වැනිලා  තේ  හැදි  2 ,
    වතුර  තේ හැදි  6 ,
    කහ  පාට කලරින්  බින්දුවක් ., 
    හය්ලන්ඩ්  යෝගට්  1,                                                        

සාදන  ආකාරය :                                                   

ජෙලටින්  වතුර  දමා  පෙගෙන්නට  තබන්න .කිරි  ටික  ලිප තබා හොදින්  උනු  කරන්න .කිරි  උතුරාගෙන  එද්දි එයට  ජෙලටින් සහ  සීනි  එකතු  කර  හොදින්  කලවම්  කර  ටික  වෙලාවකින්  ලිපෙන්  බා ගන්න .නිවුනු  පසු කලරින් ,වැනිලා සහ යෝගට්  එක එකතු  කර  වීදුරු  බාජනයකට  හෝ කප් වලට  දමා  නොසෙල්වෙන තැනක  තබා ,පැය 4 පමණ  සෙට් වෙන්න  තබා තවත්  පැය 3 ප්‍රිජ් එකේ  තබා  කූල් වෙන්නට තබන්න . ඉන් පසු  ඔයාලාට  පුලුවන්  ගෙදර  හදාපු   යෝගට්  වල රස බලන්න .

Categories: