June 8, 2017

හදා ගන්න හරිම ලේසියි මුලින්ම මේකට
  • බලයා,කෙලවල්ලන්,තලපත් මාලු  500 g
  • කහ කුඩු තේහැදි 1/2
  • ගම්මිරිස් කුඩු  තේහැදි 2
  • ලුණු අවශ්‍ය පමණ
  • ගොරකා පේස්ට්‍ මේසහැදි 1
  • කරපිංචා ,රම්පෙ හා අමු කුරුදු කොල කිහිපයක්
  • බැදීමට අවශ්‍ය පමණ  තෙල්

හදන්නෙ මෙහෙමයි
මුලින්ම මාලු සෝදා වතුර බේරෙන්නට තබන්න .ඉන් පසු එය බාජනයකට දමා එයට ලුනු කුඩු ,කහ හා ගම්මිරිස් කුඩු තේහැදි 1 දමා හොදට කලවම්  කර ගැඹුරු තෙලේ බැද  ගන්න  මේ අතර  මැටි බාජනයක් ගෙන එහි යටට අමු කුරුදු කොල ටික අතුරා ගන්න  කුරුදු කොල නැත්නම් කෙසෙල් කොලයක් උනත් කමක් නෑ .දැන් බැද ගත් මාලු ටික කිචන් ටවල් එකකට දමා තෙල් බේරෙන්නට තබන්න .ඉන් පසු ගොරකා පේස්ට්‍ එකට ඉතිරි ගම්මිරිස් තේහැදි 1 දමා එයට වතුර කෝප්ප කාලක් දමා දිය කර ගන්න මාලු කැබලි ටික එයට දමා හොදට මික්ස් කරගන්න .

දැන් සූදානම් කරගත් මැටි ඇතිලිය ගෙන ලී හැන්දකින් මාලු කැබලි ටික කුරුදු කොල ටික උඩින් අතුරා ගන්න  ඊට උඩින් රම්පේ ,කරපිංචා දමා ගොරකා ගම්මිරිස් ඉස්ම ටික මාලු ටික උඩින්  වක්කරන්න.දැන් අඩුම ගින්දරේ පියනකින් වසා මෙය ඉස්ම හිදෙන තෙක් උයා ගන්න  ලිපෙන් බාගෙන පියන ඉවත් කර නිවා ගෙන ජීවානු හරනය කල බෝතලයකට දමා ගන්න ,මෙය පාවිච්චියට ගැනීමේදී වියලි හැන්දක් භාවිතා කරන්න  අමතක කරන්න  එපා 

දුර ගමනක් යනවිට මේ විදියට හදා ගත් මාලු ඇඹුල් තියල් එකක වටිනාකක්ම කියන්න බෑ .නරක්  නොවී දවස් 3 විතර උනත්  තියා ගන්න  පුලුවන් .මම ඊට වඩා තියල බලල නෑ  ඔයාල හදලා  බලන්නකෝ

1:06 AM Administrator

January 19, 2017

සෙමොලිනා කේක්

  • රුලං කප් 2
  • බිත්තර 4
  • සීනි කප් 1
  • බටර් කප් 1
  • ඩෙසිකේටඩ් කොකන්ට් කප් 1
  • (ගා ගත් පොල් කප් 1 පෑන් එකක දමා ෆ්‍රයි කර ගන්න )
  • බේකින්  පවුඩර් තේහැදි  1
  • ආමන්ඩ් එසන්ස්  තේහැදි  1
  • කපා ගත්කජු,ආමන්ඩ්  ඇට මේසහැදි  2
  • චෙරි මේසහැදි 1
  • ලුණු චුට්ටක්
  • කිරි මේසහැදි  4

සාදන  ක්‍රමය :

සීනි ,බටර්  බීට්  කරන්න .බිත්තර දමා  බීට් කරන්න .රුලං වලට  බේකින් පවුඩර්, ලුණු   මිශ්‍ර  කරන්න .බීට් කරගත්  මිශ්‍රණයට පොල් හා රුලං  එකතු කරන්න .දැන්  බීට් කරන්න  අවශ්‍ය  නෑ හැන්දකින් මිශ්‍ර  කරන්න .ආමන්ඩ්  එසන්ස් ,කිරි එකතු  කරන්න .චෙරි හා නට්ස් රුලං ටිකකින් දවටා  ගන්න. එයද එකතු කර හොදින්   මිශ්‍ර  කරන්න .තෙත ගතිය මදි නම් තව කිරි  මේසහැදි 1 එකතු  කරන්න  පුලුවන් . අවන්  එක ප්‍රි හීට් කර 180 උශ්නත්වය සකසා විනාඩි 30 - 40 බේක්  කර ගන්න .

මේක  සාම්ප්‍රදායික  ඉන්දීය කේක්  එකක්  බව අන්තර්ජාලයේ තොරතුරු  සදහන්  උනා.එයාල  මේකට රෝස් වෝටර් දාලා  හදන්නෙ කියා තිබුනා .මම මේක අපට පුරුදු  රසයකින්  රෙසිපිය නිර්මාණය  කලා.හරිම සොෆ්ට් මේ කේක්  එක.ඔන්න පුලුවන්  දැන්  හදලා  රස බලන්න .

8:12 PM Administrator

January 13, 2017

බිත්තර  නැති, බටර් නැති ,කිරි නැති  චොක්ලට්  කේක්

  • පාන් පිටි 180g
  • කුඩු  කර ගත් සීනි 160g
  • කොකෝවා පවුඩර්  මේසහැදි  3
  • වෙජිටබල් ඔයිල්  /කැනෝලා ඔයිල් /සන් ෆ්ලවර් ඔයිල් /කොකනට් ඔයිල් මේ ඕනෑම  වර්ගයකින්  කප් 1/2
  • වැනිලා  තේහැදි  2
  • බේකින්  පවුඩර්  තේහැදි 1
  • බේකින් සෝඩා තේහැදි  3/4
  • විනාකිරි  හෝ දෙහි යුශ  තේහැදි  2
  • මද  උනුසුම්  වතුර  කප් 1

සාදන  ක්‍රමය :

මුලින්ම පාන්  පිටි,බේකින්  පවුඩර් ,ලුණු  ,බේකින්  සෝඩා ,කොකෝවා  පවුඩර්  හොදින්  මිශ්‍ර  කරගන්න.ඉන්පසු තව  බාජනයක්  ගෙන  එයට වතුර ,වැනිලා ,ඔයිල් ,දෙහි යුශ හොදින්  මිශ්‍ර  කර ගන්න .දැන්  ඔයිල්  බාජනයට පිටි  ටික ටික  එකතු කරන්න .බීටර්  එකක්  අවශ්‍ය  නෑ .හැන්දකින්  මිශ්‍ර  කරන්න .මේ අතර අවන්  එක 180 c' ප්‍රි හීට් කර ඔයිල්  තවරා  ගත් ට්‍රේ  එකකට මිශ්‍රණය  දාගන්න .දැන්  මෙය  විනාඩි  30 බේක්  කරන්න.වෙලාව වෙනස්  විය හැකිය .ටූත්  පික් එකක්  ගසා බලන්න .බේක්  වෙලාද කියල .

කේක්  එක අයිසින්  කලේ මම  බටර්  අයිසින්  වලින් හා විප් ක්‍රීම්  වලින් .අයිසින්  නොකර කන්න  පුලුවන්  කැමති  නම් . ගොඩාක්  රසයි  හදලා  බලන්නකෝ

11:11 PM Administrator

January 11, 2017

කුකීස්  හදමු.

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පාන්  පිටි  කප් 2 1/2
  • කුඩු  කර ගත්  සීනි  කප් 1
  • බටර්  කප් 3/4
  • බිත්තර  1
  • ලුණු තේහැදි  1/4
  • බේකින්  පවුඩර්  තේහැදි  1
  • වැනිලා  තේහැදි  1/2
  • කැමති  කලරින්  වර්ග

සාදන  ක්‍රමය : 1

සීනි ,බටර් බීට්  කරන්න .බිත්තරය  එකතු  කර බීට්  කරන්න .පිටි  වලට  බේකින්  පවුඩර් ,ලුණු  එකතු  කර බීට්  කරන්න .වැනිලා  එකතු  කරන්න .මෙය එකලොකු බෝලයක්  සාදා  පැය  2 ක් ෆ්‍රිජ්  එකේ තබා ඉවතට ගෙන පිටි  ඉසගත් ලෑල්ලට  දමා  කැමති  වර්ණ  එකතු කර කටර් වලට දමා  හැඩ කපා ගන්න. නිතරම අතේ හා කටර් වල පිටි  තවරා ගන්න .මෙය ඔයිල්  පේපර්  එකට දා ගන්නා විට කුඩු කර ගත් සීනි  ටිකක් උඩට ඉස ගන්න .170c' ප්‍රිහීට් කර ගත්  අවන් එකක විනාඩි  12,15 බේක්  කර ගන්න .නිවෙන්නට අවන් එකේ ඩෝ එක ඇර ටික වෙලාවක්  තබන්න .යාන්තමට කුකීස් වල අඩිය  කර වේගෙන එද්දී  බා ගන්න .නැත්නම්  ගොඩාක්  හයි වෙනවා.

සාදන  ක්‍රමය : 2

මෙහිදී  පිටි  කප් 1/2  හා තවත්  සීනි  කප් 1/2 වැඩිපුර  එකතු කරන්න .කලින්  මිශ්‍රණය  ටිකක්  දියාරු  ගතියෙන්  යුක්තයි.ඒය ෆ්‍රිජ්  එකේ තබා සාදන  නිසා ප්‍රශ්නයක්  නෑ .කැමති  නම්  පයිපින්  බෑගයකට දමා  නොසල්  වලින්  දා ගන්නත පුලුවන් .දෙවැනි ක්‍රමයටයි මම  හැදුවේ .මම  ෆ්‍රිජ්  එකට දැම්මේ  නෑ .කෙලින්ම  හැදුවා .ඒනිසා  අතේ නොඇලෙන්න හොදට  පිටි  තවරාගෙන  පරිස්සමින්  කටර් වලින්  කපා ගෙන ඔයිල්  පේපර් එකට දා ගන්න  ඕන .පිහියකින්  අරගෙන  තමයි  මම  ඔයිල්  පේපර්  එකට දා ගත්තෙ .බේක්  කර්න්නෙ.ඉහත  ක්‍රමයටමයි.

රෝයල්  අයිසින් :

  • බිත්තර  සුදු  මද එකක් (එග් පවුඩර්  ගන්නවා නම් වතුර  මේස හැදි  2 එග් පවුඩර්  මේස හැන්දක්  )
  • අයිසින්  ශුගර් ප්‍රමානයක් නෑ .ටිකක්  ගනකම්   වෙනකල්  දාන්න(හැන්දකින්  ඉස්සුවාම වැක්කෙරෙන ගානට)
  • කැමති  එසන්ස් වර්ගයක් .
බිත්තර  සුදු මදය හොදට  බීට්  කරන්න .ටික  ටික අයිසින් ශුගර්  එකතු  කරන්න .එසන්ස්  දමා  ගන්න .කැමති  වර්ණ  එකතු කරන්න .
     දැන්  පයිපින්  බෑග්ස්වලට දා ගෙන  නො: 1,2,3 විල්ටන් නොසල්  වලින්  තමයි  මම  හැඩ කර ගත්තෙ කුකීස්  ටික .

11:06 PM Administrator

January 9, 2017

කංකුං  ඩෙවල්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • සෝදා තෙත  වියලා තරමක් ලොකුවට  කපා ගත් කංකුං 
  • පෙති  කපා ගත් ලොකු ලූනු ගෙඩි  1
  • සුදු  ලූනු ගෙඩි  4
  • අමු මිරිස්  කරල් 3
  • රම්පේ .කරපිංචා
  • කෑලි මිරිස් අවශ්‍ය  පමණ
  • ලුණු  අවශ්‍ය  පමණ
  • කහ  ස්වල්පයක්
  • තක්කාලි  සෝස් තේහැදි  2
  • තක්කාලි  ගෙඩි  1 පෙති  කපා ගන්න .
  • තෙල් මේසහැදි  2
  • අබ තේහැදි  1

සාදන  ක්‍රමය :

තෙල්  ලිප  තබා රත් වෙද්දී  අබ ටික  දමා  පුපුරද්දී ,එයට  සුදු  ලූනු, ලොකු  ලූනු දමා  බැදෙන්නට  දෙන්න .ඉන් පසු එයට රම්පෙ ,කරපිංචා, තක්කාලි ටික දමා  ගන්න .තක්කාලි  සෝස්  ටික  දමා  හොදට  කලවම් කරන්න .කංකුං  ටික  දමා ලුණු  හා කහ එකතු  කරන්න . යාන්තම් මැලවෙද්දී  ලුනු බලා ලිපෙන්  බාගන්න .ගොඩාක්  වෙලා මැලවෙන්නට හරින්න  එපා.කොල  පාට  ගතියට  ලිපෙන්  බාන්න .

11:05 PM Administrator

January 6, 2017

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • පොතු ඉවත්  කර බැද ගත් ඉස්සන්  4,5
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • සුදු ලූනු, ඉගුරු  පේස්ට් තේහැදි  1
  • ග්‍රීන් චිලි  පේස්ට්  තේහැදි  1
  • ලුණු රස අනුව
  • චිලි සෝස් මේස හැදි  1
  • තක්කාලි සෝස්  තේහැදි  1
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක් .
  • ලූනු කොල  ස්වල්පයක්
  • මිරිස්  කුඩු  තේහැදි  1
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2
  • බටර් තේහැදි 1,2
  • තෙල් ස්වල්පයක් .
  • සැරසීමට  පාස්ලි, තක්කාලි, තමන් කැමති  ඕනෑම එළවළු  වර්ග

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා, එයට බටර්  එකතු  කර, ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු  පේස්ට්, ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න ) තක්කාලි  සෝස්, චිලි  සෝස් හා මිරිස්  කුඩු  එකතු කර සෝස්  එක සාදා  එයට ප්‍රෝන්ස්  ටික  එකතු කරන්න .බත්  ටික  එයට  දමා, ලුණු  එකතු  කරන්න. දැන්  කැරට්, තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී, අවසානයට ලුනු  බලා ලූනු  කොළ  ටික එකතු කර  ලිපෙන්  බා ගන්න .ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය. මම මේ රෙසිපිය  එක් පුද්ගලයකු  සදහා තමයි  සැකසුවේ.ඔයාලට  පුලුවන් අවශ්‍ය  ප්‍රමානයට වැඩි  කරගන්න. චිකන්  ඩිශ් එකක්  වඩාත්  ගැලපෙනවා. ඩිශ්  එකක්  නැතිවත් ගොඩාක්  රසයි.

6:59 PM Administrator

January 5, 2017

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • සාමාන්‍ය  ප්‍රමානයේ අල ගෙඩි 2
  • පොඩි  කොළ වලින්  නිවිති  කොළ 20
  • tomato  සෝස් මේසහැදි  3
  • ලුණු  ස්වල්පයක්
  • බිත්තර  2
  • බටර්  ගාගත් ට්‍රේ  එකක්
  • තෙල්  ස්වල්පයක්

සාදන  ක්‍රමය :
මුලින්ම නිවිති  කොළ  සෝදා  වතුර  වියලා ගන්න .අල රවුම්  පෙති කපා ගන්න . තෙල්  ස්වල්පයක්  ලිප  තබා එයට  බිත්තර  දෙක කඩා  දමා ,එයට ලුණු ස්වල්පයක්  දමා, එය කුඩා  කැබලි ලෙස  හැන්දෙන් පොඩි  කරන්න .එයට   තක්කාලි  සෝස් මේස හැදි  3 ක් දමා හොදින්  මිශ්‍ර  කරන්න .දැන්  එය  ලිපෙන්  බා ගන්න .දැන්  බටර්  ගා ගත්  ට්‍රේ  එක ගෙන  අල පෙති අතුරා ගන්න .අල වලට ලුණු  ටිකක්  ඉස ගන්න .ඒ මතට  තක්කාලි  සෝස්  මිශ්‍රණය  දමා  හැන්දකින්  මට්ටම් කරගන්න දැන්  නිවිති කොළ  අතුරා ගෙන ඊට  උඩින්  පෙර ආකාරයටම  තක්කාලි  සෝස් මිශ්‍රණය  දමා  ගන්න.180c'උශ්නත්වයට විනාඩි 10ක් ප්‍රී හීට් කරගත් අවන්  එකකට දමා  විනාඩි  15හෝ 20 බේක්  කර ගන්න .මෙය  tomato  සෝස්  යොදා  ගෙන පිලියෙළ  කර ගත හැකි ඉතාම  රසවත් ආහාරයක් .ලොකු කුඩා  කාටත් එකතුව රස විදිය  හැකි රසවත්  මෙන්ම  ගුනදායක ආහාරයකි.

6:49 PM Administrator

January 4, 2017

  • මුරුන්ගා  250g
  • නිවිති  අහුරක්
  • මිටි කිරි හා දිය  කිරි  කෝප්ප  1 බැගින්   අමු මිරිස්  කරල් 2 
  • රතු ලූනු හා සුදු  ලූනු ගෙඩි 4 බැගින්
  • කුරුදු  පොතු කැබැල්ලක්
  • තුනපහ  කුඩු තේහැදි  1
  • මිරිස්  කුඩු  තේහැදි  1
  • ලුණු හා කහ අවශ්‍ය  පමණ
  • රම්පේ .කරපිංචා  ටිකක්
  • තක්කාලි ගෙඩි 1

සාදන  ක්‍රමය :
මුරුන්ගා  සුද්ද කර කුඩා කැබලි  වලට කපා කහ,ලුණු සහ වතුර  දමා  තැම්බෙන්නට තබන්න .වතුර  හිදීගෙන එද්දී ,එයට  කපාගත් අමුමිරිස් ,තුනපහ  කුඩු  තේහැදි  1,මිරිස්  කුඩු  තේ හැන්දක් ,කුරුදු  පොතු කැබැල්ලක් ,අමු  මිරිස්  කරල් 2, රතු ලූනු හා සුදු ලූනු  අවශ්‍ය  පමන කපා දමා  දිය  කිරි  ටිකක්  දමා  හිදී ගෙන  එද්දී ,මිටි කිරි ,තක්කාලි  ගෙඩියක්  කපා දමා  ,එයට නිවිති  අහුරක් කපාදමන්න .රම්පේ ,කරපිංචා , එකතු කර ලිපෙන්  බා ගන්න .කිරි  කැටි ගොගැසෙන්න ටික වෙලාවක්  හැදිගාන්න.

6:47 PM Administrator

January 2, 2017

 අවශ්‍ය  ද්‍රව්‍ය :                                  
  • පාන්  පිටි  120g                                                             
  • බිත්තර  4                                                                               
  • සීනි  120g                                                          
  • ඔයිල්  30g (කැමති  වර්ගයක්  යොදා  ගත හැකිය .)                                                    
  • ලුණු 4/1 ts                                                         
  • කිරි  40g                                                              
  • වැනිලා  1/2 ts
  • බේකින්  පවුඩර් 2 ts
                                           
සාදන  ක්‍රමය :
මුලින්ම බිත්තර  සුදු මදය බීට්  කරන්න .එයට  සීනි  ටික ටික දමමින්  බීට්  කරන්න. වෙනම බදුනකට බිත්තර  කහ මදය ඔයිල්  හා කිරි  දමා  හොදට  මික්ස්  කරන්න .පිටි  හා බේකින්  පවුඩර්  හොදට  හලාගන්න.දැන් බිත්තර  සුදු  මද  මිශ්‍රණයට  කහමද  මිශ්‍රණය  එකතු  කරන්න .පිටි  ටික  ටික  දමා  ගන්න .බීට්  කරන්න  එපා.ලී හැන්දක්  පාවිච්චි  කරන්න .ලුණු හා වැනිලා  එකතු  කරන්න .ඒපැත්ත මේ පැත්ත හරවමින් හොදට  මික්ස්  කරන්න .150c' උශ්නත්වය සකස්  කර ගත්  අවන්  එක විනාඩි  10 ප්‍රි හීට් කර විනාඩි 35 බේක් වූවාට  පසු 170c' තවත්  විනාඩි 3 බේක්  කර අවන්  එකේම  නිවෙන්නට  තබන්න .
6:44 PM Administrator

January 1, 2017

අවශ්‍ය  වෙන්නේ :
  • සිහින්ව  ලියාගත්  අගුන  කොළ  මිටක්
  • අමු මිරිස්  කරල් 2
  • රතු ලූනු ගෙඩි  5,6
  • උම්බලකඩ  ස්වල්පයක්
  • ගාගත්  පොල්  ටිකක්
  • ලුනු අවශ්‍ය  පමණ
  • දෙහි ගෙඩියක යුශ

සාදන  ක්‍රමය :
මේ සියල්ල  එකට දමා පොඩි නොකර කලවම් කර ගන්න . වැඩිපුර අතින්  පොඩි  කර ඇනුවොතින් තිත්ත රස වැඩි වෙනවා. ලුණු  දැමීමේදී  කල්පනාකාරී වෙන්න .ලුනු  වැඩි කර ගන්න  එපා.රසවත් ,ගුනදායකඅගුන කොළ  සම්බෝලය කුඩා දරුවන්ගේ පනු අමාරු සදහා  ගුනදායකයි.ඒවගේම කිරි දෙන මව් වරුන්ගේ  කිරි වැඩීමට  උපකාරී  වෙනබව ආයුර්වේදයේ සදහන් .ඒවගේම ගර්භනී  මව් වරුන්ගේ කෑම  රුචිය ඇති  කිරීමට ද උපකාරී  වෙනවා.මේ සම්බෝලය සුදු කැකුලු බත්  සමග ගොඩාක්  රසවත් .

6:25 PM Administrator

December 31, 2016

  • හොදින්  සෝදා  ලියාගත්  රාබු  කොළ අවශ්‍ය  පමණ
  • ලොකු  ලූනු  ගෙඩි  1
  • සුදු  ලූනු   ගෙඩි 3
  • අමු  මිරිස්  කරල් 2
  • අබ තේහැදි
  • තෙල්  ස්වල්පයක්
  • උම්බලකඩ  ස්වල්පයක්
  • කැමති  නම්  කපා ගත්
  • තක්කාලි  ගෙඩියක් 
  • රම්පේ ,කරපිංචා
  • ලුණු  අවශ්‍ය  පමණ

සාදන  ක්‍රමය :

පෑන් එකක්  ගෙන  තෙල්  ටිකක් දමා  ලිප  තබන්න.එයට  අබටික දමා  පුපුරද්දී සුදු ලූනු, ලියා ගත්  ලොකු ලූනු ගෙඩියක් ,අමුමිරිස් ,උම්බලකඩ ,තක්කාලි,රම්පේ ,කරපිංචා හා රාබු  කොළ  දමා  වතුර  හිදෙන තෙක් හොදින්  මලවා ගන්න .ලුණු  අවශ්‍ය  පමණ යොදා  ලිපෙන් බා ගන්න .

6:23 PM Administrator

December 30, 2016

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • තම්බා ගත් කඩල කෝප්ප  2
  • ලියා ගත් රතු ලූනු  ගෙඩි  4,5
  • චොප් කර ගත් සුදු  ලූනු ගෙඩි  3
  • අමු තුනපහ  තේහැදි  1
  • උලුහාල්  කුඩු  තේහැදි  1/4
  • කුරුදු  පොතු කැබැල්ලක්
  • මිටි කිරි  හා දිය  කිරි  කෝප්ප  1 බැගින්
  • ලියා ගත්  අමු මිරිස්  කරල් 2
  • අබ තේහැදි 1
  • රම්පේ ,කරපිංචා
  • තෙල් ස්වල්පයක්
  • ලුණු  අවශ්‍ය  පමණ
  • කහ ස්වල්පයක් 

සාදන  ක්‍රමය :

පෑන්  එකට තෙල්  ටිකක්  ලිප  තබා එය රත් වෙද්දි එයට අබ ,සුදු  ලූනු .රතු ලූනු රම්පෙ ,කරපිංචා  දමා  බැද  ගන්න .දැන්  තෙල්  බේරා මේටික බාජනයකට  ඉවත්  කර  ගන්න .ඉන් පසු කඩල  ටික දමා  ගන්න .දිය  කිරි  ටික  දමා  ඉතිරි  කලමනා  ටික එකතු  කරන්න .දිය  කිරි  ටික  හිදීගෙන එද්දී  මිටි කිරි  එකතු  කර හොදට  නටාගෙන එද්දී කලින්  බැද ගත් අබ,ලූනු  ටික  එකතු  කර ලුණු  රස බලා ලිපෙන්  බාගන්න .

6:22 PM Administrator

December 29, 2016

අවශ්‍ය  වෙන්නේ :
  • සිහින්ව  ලියාගත්  ගොටු කොළ මිටියක්
  • අමු මිරිස්  කරල් 2
  • රතු ලූනු ගෙඩි  5,6
  • උම්බලකඩ  ස්වල්පයක්
  • ගාගත්  පොල්  ටිකක්
  • ලුනු අවශ්‍ය  පමණ
  • දෙහි ගෙඩියක යුශ

සාදන  ක්‍රමය :

මේ සියල්ල  එකට දමා  හොදින් කලවම් කර ගන්න .ලුණු  දැමීමේදී  කල්පනාකාරී වෙන්න .ලුනු  වැඩි කර ගන්න  එපා.රසවත් ,ගුනදායක  ගොටු කොළ සම්බෝලය ඕනෑම  බත් වර්ගයක්  සමග රස විදීමට  හැකිය .

6:20 PM Administrator

December 28, 2016

  • මුරුන්ගා කරල් දෙකට පලා මද හා ඇට පිහියකින්  සූරලා  ගන්න.           
  • ලොකු ලූනු ගෙඩියක්  හෝ දෙකක්  සිහින්ව  ලියා ගන්න .                                    
  • කූනිස්සන්  50g හොදින්  සෝදා  වතුර  ඉවත්  කර ගන්න .                                         
  • තක්කාලි  ගෙඩියක්  සිහින්ව  කපා ගන්න .                                                             
  • අමු මිරිස්  කරල් 2 ලියා ගන්න .                   
  • සුදු  ලූනු  බික් 3 ක්  සිහින්ව  කපා ගන්න                                                             
  •  කරපිංචා ,රම්පෙ සහ බැදීමට  තෙල්           
  • වතුර  ස්වල්පයක්                                               
  • කෑලි මිරිස්  තේ හැදි  1 1/2,හෝ 2         
  • කහ ස්වල්පයක් , ලුනු ස්වල්පයක්

සාදන  ආකාරය:                  
මුලින්ම  තෙල්  ටික ලිප  තබා එයට  කූනිස්සන් ටික හොදින්  බැද  ගන්න.එයට  සුදු  ලූනු  ,ලොකු ලූනු,දමා  බැද ගන්න .මෙයට  කහ,ලුනු  ,කෑලි මිරිස් ,රම්පෙ ,කරපිංචා  ,ලියා ගත්  අමු මිරිස් දමාගන්න.සූරා ගත් මුරුන්ගා  එකතු කරන්න .දැන්  වතුර  ස්වල්පයක්  එක් කර  පියන වසා විනාඩි  6,7 පමණ  හොදින්  තැම්බෙද්දි ,එයට  තක්කාලි  එකතු  කර අඩිය  යාන්තමට  අල්ලාගෙන  එද්දී .ලිපෙන්  බා ගන්න  ලුනු බලා.මෙය ඉතාම  රසවත්  බැදුමක් .ඔයාලාත්  හදලා  බලන්න.
6:18 PM Administrator

December 27, 2016

අවශ්‍ය  ද්‍රව්‍ය :
  •  හොදට  පැසුනු ගනකම් ඇති  කොස් මදුළු අවශ්‍ය  පමණ
  • සැමන් හෝ මාලු තම්බා  පොඩි කර ගත්
  • තම්බා  කොටා ගත් කොස් ඇට කිහිපයක්
  • රතු  ලූනු  ගෙඩි  කිහිපයක්
  • කැරට්  අල 1/2 ග්‍රේට්  කර  ගත්
  • කපාගත්  ලුනු කොළ  ටිකක්
  • තම්බා පොඩි  කර ගත්  අල ගෙඩියක්
  • පාන්  පිටි  ටිකක්
  • ලුණු  අවශ්‍ය  පමණ
  • ලියා  ගත් කරපිංචා කොල  ටිකක්
  • බැද  ගැනීමට  තෙල්  අවශ්‍ය  පමණ
  • බටර්  මේසහැදි  1
  • කෑලි මිරිස්  තේහැදි 1/2
  • ගම්මිරිස්  කුඩු  ස්වල්පයක්
  • එනසාල්  කරල් 2

සාදන  ක්‍රමය :

වතුර  ටිකක්  ලිප  තබා හොදට  නටන්නට  තබන්න .කොස් මදුළු දෙකට වෙන් නොවන සේ, පරිස්සමින් ඇට  ඉවත් කර ගන්න .නටන වතුරට ලුණු  කැට ටිකක්  දමා ,එයට  කොස් මදුළු  ටික දමා  විනාඩි  3 පමණ තම්බා  වතුර  බේරෙන්න  තබන්න . තෙල්  ටිකක් ලිප  තබා එයට  බටර්  එකතු  කර රත් වෙද්දි ,ලූනු  ටික දමා  බැදෙන්නට  හරින්න.පාන්  පිටි  හැර අනෙක්  සියල්ල එකතු  කර බැද  ගන්න .ලුනු  සහ මිරිස් කැමති  ලෙසට  අඩු වැඩි කරගන්න .ඉන්  පසු ගන්න . හැන්දකින්  මේ මිශ්‍රණය කොස් මදුළු  ඇතුලට  පුරවා  තද  කර කොස් මදුළ සම්පූර්ණයෙන්  වසා ගෙන එය පාන්  පිටි  වල දවටා ගැඹුරු  තෙලේ   රන්වන්  පාට වනතෙක් බැද ගන්න .හැමදාම  කොස්  එකම විදියට  සාදා  ගන්නෙ නැතිව  මේ විදියටත්  හදලා  රස බලන්න .
5:52 PM Administrator

December 26, 2016

අවශ්‍ය  ද්‍රව්‍ය :

  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • චොප් කර  ගත් සුදු ලූනු  තේහැදි  1 බැගින්
  • ග්‍රීන්  චිලි  පේස්ට්  තේහැදි  1
  • ලුණු  රස අනුව  ලුණු
  • චිලි පේස්ට්‍  තේහැදි  1 1/2
  • තක්කාලි  සෝස් තේහැදි  1
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක්
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2
  • බටර්  තේහැදි 1,2
  • තෙල්  ස්වල්පයක් .
  • සැරසීමට,තම්බා  පෙති  කපා ගත්  බිත්තර ,තක්කාලි  පෙති  කිහිපයක් . කැමති  ඕනෑම එළවළු  වර්ග

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා ,එයට බටර්  එකතු  කර ,ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු,ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න )  චිලි  පේස්ට්‍ ,තක්කාලි  සෝස් දමා  ගන්න .බත්  ටික  එයට  දමා ,ලුණු  එකතු  කරන්න .දැන්  කැරට් ,තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී ,එයට කපාගත් කංකුං ටික එකතු කරන්න . අවසානයට ලුනු   බලා, ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය .මම මේ රෙසිපිය එක් පුද්ගලයකු  සදහා  තමයි සැකසුවේ .
ඔයාලට  පුලුවන් අවශ්‍ය ප්‍රමානයට වැඩි  කරගන්න .මෙය බිත්තර  ඉවත්  කර සරසා ගත් විට වෙජිටේරියන් කෙනෙකුට  වුවත් ආහාරයට  ගත හැකි රසවත්  බත්  එකකි. මෙයට  චිකන් ඩෙවල් එකක් හෝ චිලි  චිකන්  එකක් වඩාත්  ගැලපෙනවා .තමන් කැමති  මස්,මාලු  වර්ගයක්  උනත් එක් කර ගෙන  රස විදින්න.

5:42 PM Administrator

December 25, 2016

නිවිති  ෆ්‍රයිඩ්  රයිස්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • චොප් කර  ගත් සුදු ලූනු  ,ඉගුරු තේහැදි  1 බැගින්
  • ග්‍රීන්  චිලි  පේස්ට්  තේහැදි  1
  • ලුණු  රස අනුව  ලුණු
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක්
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2 බටර්  තේහැදි 1,2
  • තෙල්  ස්වල්පයක් .
  • සැරසීමට  නිවිති කොළ,තම්බා  පෙති  කපා ගත්  බිත්තර ,තක්කාලි  පෙති  කිහිපයක් . කැමති  ඕනෑම එළවළු  වර්ග

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා ,එයට බටර්  එකතු  කර ,ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු, ඉගුරු ,ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න )  බත්  ටික  එයට  දමා ,ලුණු  එකතු  කරන්න .දැන්  කැරට් ,තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී ,එයට කපාගත් නිවිති  කොළ  ටික එකතු කරන්න .අවසානයට ලුනු   බලා, ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය .මම මේ රෙසිපිය  එක් පුද්ගලයකු  සදහා  තමයි  සැකසුවේ.ඔයාලට  පුලුවන් අවශ්‍ය  ප්‍රමානයට වැඩි  කරගන්න .මෙය බිත්තර  ඉවත්  කර සරසා ගත් විට වෙජිටේරියන් කෙනෙකුට  වුවත් ආහාරයට  ගත හැකි රසවත්  බත්  එකකි.වෙජිටබල්  චොප්සියේ එකක්  සමග  ගැලපෙනවා .තමන් කැමති  මස්,මාලු  වර්ගයක්  උනත් එක් කර ගෙන  රස විදින්න .
12:57 AM Administrator
 
December 24, 2016

ඉස්සන්  මිශ්‍ර ,ලූනු  කොළ  ෆ්‍රයිඩ්  රයිස්

අවශ්‍ය  ද්‍රව්‍ය :

  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • සුදු ලූනු  ,ඉගුරු පේස්ට්‍ තේහැදි  1 බැගින්
  • ග්‍රීන්  චිලි  පේස්ට්  තේහැදි  1
  • තක්කාලි  සොස් තේහැදි  1
  • ලුණු  රස අනුව  ලුණු
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක්
  • තරමක් දිගට කපා ගත්  ලූනු   කොල  ටිකක්
  • එනසාල් කරලක්
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2
  • බටර්  තේහැදි 1,2
  • තෙල්  ස්වල්පයක් .
  • බැද  ගත් ඉස්සන්  4,5
  • සැරසීමට  ලූනු කොල  ස්වල්පයක්,පාස්ලි හෝ කැමති  කොළ  ජාති, තක්කාලි  පෙති  කිහිපයක් . කැමති  ඕනෑම එළවළු  වර්ග හෝ

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා ,එයට බටර්  එකතු  කර ,ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු, ඉගුරු ,ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න )  බත්  ටික  එයට  දමා ,ලුණු එකතු කරන්න.
දැන් තක්කාලි  සෝස් ,එනසාල් , කැරට් ,   තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී එයට ලූනු  කොළ ටික එකතු කරන්න .අවසානයට ලුනු   බලා, ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය .
මම ඉස්සන්  බත්  එක උඩින්  දමා  සරසා ගත්තා. මේ රෙසිපිය  එක් පුද්ගලයකු  සදහා  තමයි  සැකසුවේ.ඔයාලට  පුලුවන් අවශ්‍ය  ප්‍රමානයට වැඩි  කරගන්න චට්නි  වර්ග හෝ.තමන් කැමති  මස්,මාලු  වර්ගයක්  උනත් එක් කර ගෙන  රස විදින්න.

1:00 AM Administrator

December 23, 2016

හාල් පිටි කේක්
  • හාල්  පිටි 225 g                                                       
  • බිත්තර  2                                                           
  • සීනි  250 g                                               
  • බේකින්  පව්ඩර්  තේ හැදි  2                            
  •  කිරි  පිටි  මේස හැදි  2                                      
  • ලුනු  චුට්ටක්                                                           
  • බටර්  මේස හැදි  2                                            
  • වැනිලා  තේහැදි  1                    
සාදන  ක්‍රමය:                                             
මුලින්ම  හාල්  පිටි  ,බේකින්  පවුඩර්  එකතු  කොට 3 පාරක්  හලා ගන්න .කිරි  පිටි ,ලුනු  එකතු  කොට  හොඳින්  මිශ්‍ර  කරන්න .සීනි  බටර්  බීට්  කර,පිටි  ටික ටික  එකතු කරන්න . වැනිලා  එකතු  කරන්න.මිශ්‍රණය  ඔයිල්  පේපර් එකක් දා ගත්  ට්‍රේ එකකට දමා 180c' ප්‍ර්‍රී හීට් කර  ගත් අවන් එකක විනාඩි  30 ක් බේක්"  කර ගන්න .                                                         
11:28 AM Administrator

December 22, 2016

  • පිටි    3  1/3 cup
  • සීනි   3 tbsp
  • ලුනු   1 tbsp
  • යීස්ට්  2 tbsp
  • බටර්  3 tbsp
  • බිත්තර 1
  • ෆ්‍රෙශ් මිල්ක්  3 tbsp
  • මද උණුසුම් වතුර 1 cup

පළමුවෙන්ම පිටි තුන් වරක් හලාගෙන එයට යීස්ට් ,සීනි ,ලුනු දමා හොදින් මිශ්‍ර කරගන්න.එයට බටර් ටිකද එකතු කරගෙන පිටි සමග හොදින් මිශ්‍ර කරගන්න.ඉන්පසු කිරි ,බිත්තර ,මද උණුසුම් ජලය එකතු කරගෙන සිනිදු ඉලස්ටික් එකක් වගේ ඇදෙන තුරු විනාඩි 20ක් පමණ හොදින් අනාගන්න.
වෙනත් භාජනයක ඔලිව් ඔයිල් තවරාගෙන පිටි මෝලිය ඩබල් සයිස් වන තුරු තබන්න.විනාඩි 45ක් පමණ.
ඩබල් සයිස් ඩෝ එක පිටි ඉස ගත් ලෑල්ලක් මත් දමා කොටස් 8කට වෙන් කරගන්න.
බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දමා පිටි කොටස් වලින් කුඩා බෝල සාදා තරමක් ඈතින් පිටි බෝල ටික තබා ගන්න.බෝල සෑදීමේදී මතු පිට සිනිදුව ඉරි තැලිම් නැතිව හදාගන්නා තරමට ලස්සන බනිස් ටිකක් හදාගන්න පුලුවන්.

දැන් ඒ හදාගත් පිටි බෝල තවත් පැය බාගයක් පමණ තබන්න.
ඒ මතුපිට බිත්තර සාරු ආලේප කර ඊට උඩින් තල ඇට ටිකක් ඉහගන්න.ඉන්පසුව 200 c,විනාඩි 10ක් රත් කරගත් අවන් එකේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.(රන්වන් පාට වනතුරු)
දැන් ඉතින් හොදට නිමෙන්න තියලා ඔයාලා කැමති විදියට කැමති දේවල් එකතු කරගෙන කන්නයි තියෙන්නෙ.
12:04 PM Administrator